20 May 2024

26 පස්සේ එජාපයේ අය නැගිට්ටා – වැරදි හදාගෙන ඉස්සරහාට ! හරින් කියයි

පසුගිය ඔක්තෝම්බර 26 දින ඇති වු දේශපාලන පෙරළියේදී නොසැලි එකට එක්ව එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එක් වු බවත් එය ඉතිහාසයේ පලමු වරට තමා දුටු දෙයක් බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතුයි…. ! ඇමැති රවි කියයි

පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ බවත් එය බලහත්කාරයෙන් ඉදිරිපත් කළ දෙයක් නොවන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඇමැති වෙලා ඉන්නකම් ඉඩ දෙන්නේ නෑ -පී හැරිසන් කියයි

ඒකීය සුපර් පොස්ට් පේට් සහ ත්‍රිත්ව සුපර් පොස්ට්පේට් සැකසීමේදී එප්පාවල පොස්ට්පේට් නිධිය පෞද්ගලික සමාගම් සදහා අතුරු බදු දීමට තමා අමාත්‍ය වරයා ලෙස කටයුතු කරන තාක්කල් ඉඩ නොදෙන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

බ්‍රිගේඩියර් ප්‍රියංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පැවරුවාට සීතාසි ලැබී නෑ

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කොටි ඩයස්පෝරාව වෙස් මිනිස්ටර් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මෙම නඩුව ලබන 21 දා විභාගයට ගැනීමට නියමතය ඇත.

යුක්තියට මැරබලයට යට නොවන STF පොලිසියට ආභරණයක් – කථානායක කියයි 

සමාජයේ දිනෙන් දින වර්ධනයවන මනුෂ්‍ය ඝාතන, අපචාර ,මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් වැනිදේ මර්ධනය කිරීම සඳහා අයුක්තියට අසාධාරණයට මැරබලයට හිසනොනමන නිර්භිත නිළධාරීන්ගෙන් සමන්විත විශේෂ කාර්ය බලකායට තිබෙන ශක්තිය ගැන ජනතාවට විශාල තක්සේරුවක් ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

රනිල්ගේ චරිතය චීන බසින්

චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි.  සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලදුව මහාචාර්ය වං යූ මහත්මිය හා මහාචාර්ය යින් ජින්ශන් විසින් චීන බසට පරිවර්තනය කෙරුණු වික්‍රමසිංහ චරිතාපදානය ප්‍රකාශයට පත් කරන ලද්දේ චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය, බෙයිජිං හි […]

අනුරාධපුර ඉපලෝගමදී ප්‍රථම දිසිදි පොල් කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම, හිරිපිටියාගම, කාගම පාර යන ස්ථානයෙහි ඉදි කරන ලද පළමු දිසිදි පොල් කර්මාන්ත ශාලාව ( Sanmik Food (Pvt) Ltd. DC Factory & Dehydration Unit ) හෙට (19) දින පෙරවරුවේ විවෘත කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

අවුරුදු 4ක් බෙර ගැහුවේ නෑ – අගමැති රනිල් කියයි

අවුරුදු 4 ක් බෙර නොගැසු බවත් කැගැසුවේ නැති බවත් තම පිරිස ඉවසීමෙන් කටයුතු කළ බවත් අධ්‍යාපනය ක්‍රමය අලුත් මඟකට ගෙන යාමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඇමැතිනි තලතාට ලිපියක්

දකුණු පළාතේ පිහිටි බන්ධනාගාරයක් තුළ නැවතත් එවැනිම පහරදීමක් සිදුවීමදැඩි කම්පනයට පත් කොට ඇති බවත් ඒ පිළිබඳ පරික්ෂනයක් පවත්වන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍යවරියගෙන් දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කර තිබේ.

බහුතරය නැති අයට ඡන්දේ දිනනන් පුළුවන් ද?

පාර්ලිමේන්තුව තුල ඡන්දයක් දිනාගන්න බැරි, පාර්ලිමේන්තුවේදී තම බහුතරය පෙන්වාගන්න බැරි පොහොට්ටුවේ අය අද මැතිවරණයකට ඇවිත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක හැප්පෙන්නේ කෙසේ ද යන්න මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රශ්ණ කර සිටි.