20 May 2024

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩ එන්න අය ගැන ජනතාව තේරුම් ගත යුතුයි – ඇමැති අකිල

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩ එන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා පවසයි.

සත්කාරක පාකිස්ථානය පරදවා 20/20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඊයේ (07) දින පැවැති දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජය ගැනීමට සමත් කර ගැනීමට හැකි විය.  පලමුව පන්දුවට පරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වුණා.

රට ගොඩනගන දැක්මක් මට තියෙනවා – ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත

තමා ජනාධිපති වුවහොත් එක මනුස්සෙකු කොළඹට ගෙන්වීමට නොහැකි වන බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත මහතා පවසයි. TTVNews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමාට මෙරට ආර්ථිකය නැංවීමට හැකියාව ඇති බවයි. ජනාධිපතිවරයෙකු වශයෙන් මෙරට ආර්ථිකය ගොඩ නැගීමට හැකි උපක්‍රම තමා සතු බවත් එය ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් ගොඩ නගා ඇති […]

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙසින් 17 වැනිදා ජනතා අයිතියට -අමාත්‍ය අශෝක්

ශ්‍රී ලංකාවේ සිව්වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස පලාලී ගුවන් තොටුපල මේ මස එනම් ඔක්තොබර් 17 වැනිදා ජනතා අතියට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ජනතාවගේ බඩට ගහන රාජපක්ෂවරුන්ට නැවත බලයට එන්න දෙන්නේ නෑ – අගමැති

වසර දහයක රාජපක්‍ෂ පාලනය තුළ බඩු මිල අඩු හා වැටුප් වැඩි නොකිරීමට හේතු පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා රටට ප්‍රකාශ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අපේක්ෂයින් 35 ක් නාම යෝජනා භාර දෙයි

2019 නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 35 දෙනෙකු නාම යෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පරාජිත මානසිකත්වයක් ඇති රාජිතගේ ප්‍රකාශය බොරු බව ජවිපෙ කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊයේ (06) මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සමගතව කරන ලද නිහීන උත්සාහයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනාධිපතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කරයි

2019 නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාර දීමේ කටයුතු පෙ.ව.9.00 සිට ආරම්භ විය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රතිඵල ලබා ගැනීමේදී නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු වන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේය. 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා ගැනීම පහත සඳහන් වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට ජර්මනියේ විශේෂ සහාය ලැබුණ බව ඇමැති රවි කියයි

ජර්මනිය ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් සහ සම්ප්‍රදායන් ශක්තිමත් කිරීමට සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට අඛණ්ඩව සහාය වී තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.