20 May 2024

චාවකච්චේරි සහ කෝපායි නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

නැවත පදිංචි කරනු ලබන හා යළි පදිංචි වීම සදහා දිවයිනට පැමිණෙන සරණාගතයින් සදහා යාපනය දිස්ත්‍රික්කය තුළ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතීන් යටතේ චාවකච්චේරී හා කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිවාස ප්‍රතිලාභීන් වෙත පවරා දීම ඊයේ (05) දින සිදු […]

ජනපතිගේ තීරණය අද … ශ්‍රීලනිප ජනපති සටනට එයිද?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පක්ෂය වෙත ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

මගීන් කියන්නේ වර්ජකයින්ට ඉල්ලීම් දෙන්න එපා කියලයි

දුම්රිය සේවකයන් විසින් දියත් කර ඇති වර්ජනය විසදුමකින් තොරව නව වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එමගින් දැඩි අපහසුතාවයට පත්ව සිටීයද දුම්රිය මගීන් පවසන්නේ රජයක් ලෙසට වර්ජකයන්ට හිස නොනමා සිටිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ගෝඨාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම නිශ්ප්‍රභා කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය කටයුතු කර ඇත.

ගෑස් මිල පහතට

ලිට්රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් මිල රුපියල් 240 කින් අඩු කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි. ලිට්රෝ කිලෝ ග්‍රෑම් 5 ගෑස් මිල රුපියල් 95 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ.

මෛත්‍රි නාම යෝජනා නොදුන්නොත් මේක ඉතිහාසගතවන ජනාධිපතිවරණයක් – මැ.කො

මෙවර ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති, වත්මන් අගමැති, වත්මන් විපක්ෂනායක, හිටපු විපක්ෂනායක ඉදිරිපත් නොවන එකම මැතිවරණය මෙය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගෝඨා එනවා නම් අපි කැමැතියි – බය නැතිනම් නඩුවලට පෙනී ඉන්න – මනුෂ කියයි

ගෝඨාභය රාජපක්ෂ යනු එක්සත් ජාතික පක්ෂයට ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා බවත්, මේ නිසා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් වාසිදායක බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

සජිත් හංසයාගෙන් ඇප මුදල් තැන්පත් කරයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හංසයා ලකුණින් තරඟ කිරීම සඳහා එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක බව චන්න ජයසුමන කියයි

රටේ අවාසනාවට හා ජනතාවගේ කරුමයට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ 2020 අගෝස්තු දක්වා අගමැතිවරයා බවත් මේ කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.