16 May 2024

ආර්ථිකය හදන්න ජනාධිපති ලේකම් රාජ්‍ය සේවක වැටුප් පරිත්‍යාගයක් ඉල්ලයි

රාජ්‍ය අයවැය හිගය හමුවේ ජනතාව පීඩාවට පත්නොවීමට රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා ඇත.

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය

පවතින තත්ත්වය මත මැදපෙරදිග විසා කාලය ඉකුත් වු ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමි වු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ජනාධිපතිට හිතේ හැටියට මුදල් වියදම් කරන්න අයිතියක් නෑ -ජවිපෙ සුනිල් කියයි

ජනාධිපතිවරයාට හිතෙන හැටියට මුදල් වියදම් කරන්න නීත්‍යානුකූල අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

කොවිඩ් හමුවේ ක්ශේත්‍ර රාජකාරී කරන නිලධාරීන්ට අමතර දීමනාවක්

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු  අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇති අතර ඒ ඒකාබද්ධ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිකර දෙමින්ය.

නාවික හමුදාව අඛණ්ඩව කොවිඩ් මර්දනයේ !

නාවික හමුදාව කොවිඩ් මර්දන කටයුතුවලින් මුළුමනින්ම බැහැර ව ඇති බව ට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව නාවික හමුදා විසින් නිවේදනයක් එක් කරමින් සඳහන් කරයි.

හෙද නිලධාරිනි ඇතුළු තිදෙනා ආසාදිතයින් නොවෙයි !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(05) දිනයේ හඳුනා ගත් රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වී ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඕනෑම හදිසි තත්ත්වයකට සෞඛ්‍ය සේවාව සූදානම් කරයි

ඉදිරියේ දී ඇඳිරිනීතිය ලිහිල් කිරිමට රජය කටයුතු කිරිමත් සමඟ ඉදිරි කාලය තුළ දී COVID-19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමේ දී ඇතිවන ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණදිමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබද මුලික වශයෙන් සාකච්ඡා වී තිබේ.

කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක්

අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.