18 May 2024

ජාත්‍යන්ත පොල් දිනය නිමිත්තෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්

ජාත්‍යන්ත පොල් දිනය සැප්තැම්බර් 02 වනදා යෙදී ඇති අතර ඒ සඳහා පොල් සංවර්ධන සතිය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ලකුණු රැස් කරන්න පිට්ටනිය හදනවා…ලකුණු රැස් කිරීම දේශීය කර්මාන්තකරුවා සතු බව ඇමැති විමල් කියයි

යම් යම් නීතිමය බාධාවන්, බදු ක‍්‍රමයන්හි පැවැති ගැටලූ ආදිය ඉවත් කරමින් දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දීමේ තම වගකීම ඉටු කරමින් සිටින බවත් හොදින් ලකුණු රැස් කරමින්, මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නව නැම්මක් ඇති කිරීමට දායක වීම දේශීය කර්මාන්තකරුවාගේ කාර්යය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම අද (25) එළිදැක්වේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ක්‍රියාකාරකම් සහ රීතීන් ඇතුළත් කර  පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වීම අද (25)දින පාර්ලිමේන්තුවේදි සිදු විය.

රුපියල් මිලියන 61 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රුපියල් මිලයන 61 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙකක් ඊයේ (24) දින පස්වරුවේ ආරම්භ කරනු ලැබීය.

19 සංශෝධනය නෙමෙයි ප්‍රමුඛම කාර්ය රට ගොඩනැඟීමයි – තිස්ස අත්තනායක

‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසන්නේ කඩිනමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමුඛම කාර්ය බවට පත් නොකර වැටී තිබෙන රට ගොඩනැඟීමට වහා පියවර ගත යුතු බවයි.

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරු පත්කෙරේ

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

අද පෙරවරු 9.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුව අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.