17 May 2024

ලබන 25 වනදා සිට පාසල්වල 11 ශ්‍රේණි ඇරඹීමට තීරණයක්

හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර ‍බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු පළාත්වල පාසල්වල 11 වන ශ්‍රේණි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි.

පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවරක් ගෙන නෑ – ඇමැති ඩග්ලස් කියයි

පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් රජය පියවරක් ගෙන නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තේ දී අද ඇරඹෙයි

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකිරීමේ කටයුතු අද (04) දින ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිතය.

වෙබ් මාධ්‍ය වාර්තා බොරු- මම කමිටු පත් කරලා නෑ – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මි පවසයි.

අපි ඡන්දවලට බය නෑ .. පළාත් සභා මැතිවරණය කඩිනමින් – රාජ්‍ය ඇමැති ලාන්සා

රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබා දීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඉන්දියාවේ අතරමං වු ශ්‍රී ලාංකිකයින් ගෙන්වයි

කොවිඩ් 09 වසන්ගතය නිසා සිය රටට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රි ලාංකිකයන් අමාත්‍ය දේවානන්දාගේ මැදිහත් වීම මත මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇත.

නීතිය සැමට එක සමාන විය යුතුයි – අධිකරණ ඇමැති කියයි

මෙරට නීති පද්ධතිය 1947 න් පසු නිසි පරිදි යාවත් කාලීන වී නොමැති බවත් නීතිය සැමට එක හා සමාන විය යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

කොරෝනාව නිසා වැඩ නොකර ඉන්න බෑ – ඇමැති නිමල්

කොරෝනා වසංගතය ස්වභාව ධර්මයා අපට එල්ල කළ ප්‍රහාරයක් බව එය ඔබේ ජීවිතයේ වැඩ නොකර ඉන්න හේතුවක් කරගන්න එපා යැයි කර්මාන්ත අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කාත්තාන්කුඩි සහ කල්මුනේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.