20 May 2024

අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක්

නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි – ඇමැති චන්ද්‍රසේන කියයි

ඉඩම් අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ දැන ගන්න ලැබුණේ දූෂණ වංචා පිළිබඳව බලනකොට අපට ඇත්තටම හිරිකිත හිතෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

කොරෝනා රට පුරා… රජයට හැමෝම නිරෝධායනය කරන්න බැහැ- සුව වු මන්ත්‍රී දයාසිරි

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කැළණියේ තරුණයෙකු හදිසියේම CIDයෙන් අත්අඩංගුවට

විදේශිය රටක නිශ්පාදිත ගිනිඅවියක්, එම අවියට යොදන මැගසින් 02 ක්, නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද යතුරුපැදියක් හා උපයාගත් ආකාරය හෙලිකිරීමට නොහැකි මුදල් රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක් සන්තකයේ තබා සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

චමල්ගේ අමාත්‍යංශය වසා දමා නෑ

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් හමුවීමත් සමඟ එම අමාත්‍යංශය වසා දමා ඇති බවට පැවැති යන ප්‍රවාරණය අසත්‍ය බව එම අමාත්‍යංශය පවසයි.

මුතුරාජවෙල සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කරන්නැයි අමරවීරගෙන් ලේකම් ජාසිංහට උපදෙස්

මුතුරාජවෙල පරිසර හානිය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමට විද්වත් කමිටුවක් පත් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

කඩදාසි කම්හලට අවශ්‍ය භූමිය කිසිසේත්ම වෙනත් දෙයකට දෙන්නේ නෑ – ඇමැති විමල්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවත් එම කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නුදුරේදීම යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ගුටි කෙලියක්

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයේදී බීමතින් පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විපක්ෂ නායකතම ඉල්ලා විපක්ෂ නායකට පහරදීමක් සිදුව තිබේ.