20 May 2024

සමාජ මාධ්‍ය බිඳ වැටීම ගැන මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් වැනි සමාජ ජාල ඊයේ (04) පැය කිහිපයක් බිඳ වැටීම පිළිබඳ සිය සේවාවන් භාවිතා කරන පිරිසගෙන් සමාව ඉල්ලා සිටින බව මාර්ක් සකර්බර්ග් පවසයි.

පොහොර ගැන ආණ්ඩුව ඇතුලේම ඡන්දයක් තියන්න – මන්ත්‍රී මනුෂගෙන් අභීයෝගයක්

රසායනික පොහොර ගෙන්වීමට අවසර දිය යුතුද නැද්ද යන්න ගැන ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම අතර රහස් ඡන්දයක් පවත්වන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ආණ්ඩුවට අභියෝග කළේය.

JA –LAN EX ඒකාබද්ධ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වේ

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඊයේ (04) වන දින බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත්විය.

මාතලේ ගත වු දිනය තුළ කොවිඩ් මරණ 03 ක්

මාතලේ දිස්ත්‍රික්කයේ පසුගිය පැය 24 කාලය තුළ කොවිඩ් මරණ තුනක් වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ප්‍රශ්න විසදනවා – ජනපති යුරෝපා දූත පිරිස කියයි

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තෙල් ටැංකි සදාකාලිකව තියෙන්නේ ඉන්දියාව ගාව … මං මේ ඒ ටික ගන්නයි හදන්නේ – ඇමැති ගම්මන්පිල

ඉන්දු – ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සදාකාලිකව ඉන්දියාවට පවරා දී අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මාතලේ තරුණ ප්‍රජාවෙන් 78 % කොවිඩ් එන්නත්කරණය සිදු කල බව වෛද්‍ය චමින්ද කියයි

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යට‍තේ මාතලේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20- 30ත් අතර පසුවන තරුණ තරුණියන්ගෙන් සියයට 78ක ප්‍රමාණයකට එන්නත් ලබා දි ඇති බව මාතලේ දිස්‍ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද විරකොන් මහතා පවසයි.

අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට ඇමති ප්‍රසන්න ප්‍රංශය බලා යයි

වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළද ප්‍රදර්ශනය ( IFTM TOP RESA 2021 ) සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද(04) දිවයිනෙන් පිටත්ව ගියහ.

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ලැබුණු බව ඇමැති රෝහිත කියයි

මෙරට ඉතිහාසයේ සුවිශාලතම ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ශ්‍රි ලංකා වරායේ බටහිර පර්යන්තය වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ බවත් එම ආයෝජනය තුළින් බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු 2024 අවසන් කර ශ්‍රි ලංකා ආර්ථිකයට එක් කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

යහපාලන හැදූ ගොඩනැගිලි වල් වැදිලා -රාජ්‍ය අමාත්‍ය රොෂාන්

පසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.