20 May 2024

නවසීලන්ත මහකොමසාරිස් මෙරට මහජන ආරක්ෂක ඇමැති හමුවෙයි

නවසීලන්තයේ පළමු මහ කොමසාරිස් ලෙස පත්වූ මයිකල් ඇපල්ටන් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර හමුවක් පසුගියදා සිදුවිය.

කාබනික පොහොර වලින් වගාව ජයගත් ගලේවෙල ගොවියෙක්

කාබනික පොහොර නිෂ්පාදනය මෙන්ම එම පොහොර යොදා වගා කටයුතුවල නිරත වු ගොවි මහතෙකු පසුගියදා ගලේවෙල,පට්ටිවෙල ප්‍රදේශයේදි හමුවිය.ඒ ආර්.ආර් දිවාකර මහතාය.

දිනෙන් දින වැනසෙන වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතය

කළුතර පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ “පුස්සවල දොළ” රක්ෂිත ප්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් දැවැන්ත විනාශයක් සිදු කරන බව මිහිකත සුරැකීමේ කාර්යංශ පවසයි.

ගැසට් ගහන්නෙත් රිවස් කරන්නෙත් ජනතාව ගැන හිතලයි – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

ඕනෑම ගැසට් එකක් නිකුත් කරන්නේ හා එය ඉවත් කරන්නේ ජනතාව සිතා බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

දශක දෙකක ආර්ථිකය හොඳටම කලේ PB

දශක දෙකක ආර්ථික යුතුකම හොඳටම ඉටු කල පිබි ජයසුන්දර රට වෙනුවෙන් ඉටුකොට ඇති යුතුකම අතිශයින්ම ප්‍රමණවත් බව ‍ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර පවසයි.ඔහු පසුගිය 29 වනදා සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව පැවසිය.

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානවල පරිපාලන ගැන විරෝධතාවයක්

සංස්කෘතික මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සංස්කෘතික අමාත්‍යංශයෙන් ඉවත් කර ප්‍රාදේශිය ලේකම්වරු යටතට පත් කිරිමට විරෝධය පළ කරමින් තමන් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන සමස්ත ලංකා සංස්කෘතික මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති සංගමයේ මධ්‍යම පළාත් නියෝජිත කුසල් දේවප්‍රිය මහතා පවසයි.

මහරගම අපේක්ෂා රෝහලට බස් රථයක් පරිත්‍යාග කෙරේ

මහරගම අපේක්ෂා රෝහල සඳහා අශෝක් ලේලන්ඩ් සේවක සුභ සාධක සංගමය මගින් නවීන බස් රථයක් පරිත්‍යාග කිරීම අද (02) සිදු කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කරවල ආනයනය කිරීම ගැන සාකච්ඡාවක් ධීවර ඇමැතිගේ ප්‍රධානත්වයෙන්

මෙතෙක් කරවල, හාල්මැස්සන් හා උම්බලකඩ ආනයනය කිරීමට රජය විසින් පනවා තිබූ නීති ලිහිල් කරමින් මින් ඉදිරියට කරවල ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවශ්‍ය අනුමැතිය ලබා දීම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) දින ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් ධිවර අමාත්‍යාංශයේදි පැවැත්විණි.

මෙරටට තවත් ෆයිසර් එන්නත් ලක්ෂ හතරක පරිත්‍යාගයක්

කොවැක්ස් පහසුකම හරහා ඇමරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (01) පස්වරුවේ මෙරටට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

2022 විසර්ජන පනත් කෙටුම්පත එළැඹඹෙන සතියේදි පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත, එළඹෙන පාර්ලිමේන්තු සතියේ දිනයකදී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.