17 May 2024

ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ ශාක ස්වස්ථතා සහතිකකරණය (Phytosanitary Certification in Sri Lanka) වැඩි දියුණු කිරීම තුලින් ඉක්මනින් නරක් වන ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම උදෙසා, ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

විදුලිය කප්පාදු කරන කාලය අවම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් විදුලිය කප්පාදු කරන කාලය අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 02 වනදා දින විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.

මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙනේ බහුකාර්ය මන්දිරයට මුල්ගල තබයි

මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දාන ශාලාව සහිත බහුකාර්ය මන්දිරයට මුල්ගල තැබීම පසුගිය 02 වනදා දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කරනු ලැබීය.

ගෝඨාගේ ඔළුවේ ඇතිවන සිතුවිලි නීති බවට පත් වෙයි – ජවිපෙ අනුර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔළුවේ ඇති වන සිතිවිලි නීති බවට පත් කළ හැකි තත්ත්වයක් ඇති කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සමාජ මාධ්‍ය තහනම ඉවතට

සමාජ මාධ්‍ය තහනව ඉවත් කිරීමට කිරීම‌ට තීරණය කර තිබෙන බව තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

ජවිපේ මහරගමින්, සජබ විපක්ෂනායක කාර්යාලයෙන් විරෝධතා ආරම්භ වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එරෙහි විරෝධතා පාගමන විපක්ෂනායක කාර්යාලයෙන් ආරම්භ කර ඇත.

විෂයභාර අමාත්‍යවරයාම සමාජ මාධ්‍ය අවහිර කිරීම අනුමත නොකරයි – ඇමැති නාමල්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවහිර කිරීමේ ක්‍රියාවලිය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව ඩිජිටල් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.