20 May 2024

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සාකච්ඡා දිගටම

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය, නව ලංකා නිදහස් පක්ෂය සහ විජය ධරණි ජාතික සභාව ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වෘත්තිය පුහුණු කාර්මික ශිල්පීන් රට රැකියා සඳහා යොමු නොකරන්නේ ඇයි?

විදේශ රැකියා ගෘහ සේවයට මුල් තැන් ලබා දි කටයුතු කිරිම තුලින් වෘත්තිය පුහුණු ලැබුවන්ට විදේශ ගත විමට අවස්ථා අවම වි යන බව වාර්තා වේ.

රනිල් රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් කෙනෙක් බව අනුර කියයි

වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් එකක් බවත් ඔහු ජනාධිපතිවරයා ලෙස කරනු ලබන ප්‍රකාශයේ කියවෙන ආර්ථික කඩාවැටීම්, වංචා දූෂණ ඉහවහා යාම පිළිබඳව කරුණු ඔහුටද අදාළ වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජනපතිගේ කතාව හොදයි – ක්‍රියාවයි වැදගත් – විපක්ෂනායක සජිත්

ජනාධිපතිවරයා විසින් අද සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බවත් සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ‍

බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්…අනාගතය ගොඩනංවනවා – ජනපති

බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්, දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය භාර ගැනීමට තමා තීරණය කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයට සහභාගී වීමට නියමිතයි

කාම්බෝජයේ පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට මෙරට නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා සහභාගී වීමට නියමිතයි.

සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චෝදනාවලින් නිදොස් වු නිමල් යළි ඇමැති පුටුවට

ජපානයේ සමාගමකින් අල්ලස් ඉල්ලු බවට චෝදනා ලැබ සිටි ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චෝදනාවලින් නිදොස් වී යළි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කොවිඩ් අවධානම යළි ඉහළ හෙයින් කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න – ජනපති

කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සමන් රත්නප්‍රිය පත් කෙරේ

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.