20 May 2024

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (03) පැවැත්වීමට නියමිතයි. ඒ් සඳහා අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (02) පැවැත්විණි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

සර්ව පාක්ෂික රජයකට සහය ලබාදීම ප්‍රගතිශීලි සැමගේ වගකීමයි – මන්ත්‍රී ජගත්

ජනතා ගැටලු විසඳීමේ ප්‍රමුඛ අරමුණ පාදක කරගනිමින් වර්තමාන ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික රජයක් බිහි කිරීමට අපේක්ෂා කරන අතර එම සංකල්පය සාර්ථක කර ගැනීමට සියලු වාද භේද ඉවතලා සහය ලබාදීම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු සියලුදෙනාගේ ප්‍රමුඛ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

අගමැති දිනේෂ්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සමෘද්ධිය හා යහපැවැත්ම සහතික කරනු ඇත – ඉන්දීය අගමැති

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පැවසිය.

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම්

‍‍‍දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා අද (02) උදෑසන සිට නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් සූදානමින් තබා ඇත.

DFCC ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළ පිරිසට සහතිකපත් ප්‍රදානය කෙරේ

‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව ක්‍රියාත්මක කරන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ 4 වන අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය.

මෙරටට ඩොලර් එවන අයට සහන රැසක් – ඇමැති මනුෂ නානායක්කාර

බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑ ම ලාංකිකයකුට ගුවන් තොටුපළේ දී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙට්‍රික් වාහනයක් ආනයනයට අවසර දෙන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

රණවිරු පවුල් සදහා මාලඹෙන් සහ මීරිගමින් ඉඩම් ලබා දෙයි

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් ඊයේ (01) රණවිරු සේවා අධිකාරිය පැවැත්විණි.

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ – ඇමැති බන්දුල

ලේක්හවුස් ආයතනය සංචාරක හෝටලයක් කිරීමට කිසිදු අවස්ථාවකදී සැලසුම් කර හෝ එය සිහිනෙන්වත් සිතුවේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දීය ආධාර යටතේ මැදවච්චියට ලබා දීමට සැලසුම්

ඉන්දීයානු රජයේ ආධාර යටතේ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහල් කිලෝ 90,000 ක(ටොන් අනූවක) ප්‍රමාණයක් ලැබුණු බවත් එය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් ඒකක 9724 ට බෙදා දීමට සැලසුම් කර ඇති බව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.

රට අසමත් කර දිනාගන්න බැරි වුණ දේවල් දිනා ගන්න උත්සහායක් – සාගර කාරියවසම්

රට නැවත අසමත් රාජ්‍යයක් කර ඒ් තුළින් තමන්ගේ මෙතෙක් කල් දිනාගන්න බැරි වු දේවල් දිනා ගන්න දරන උත්සාහයක් ද කියන එක ගැන බුද්ධියෙන් විමසා බලන්න කියා මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්න කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.