20 May 2024

වටිනා ගජමුතු දෙකක් සමග නාවික හමුදා සෙබලෙකු ඇතුලු පහක් දැලේ

ගජමුතු දෙකක් රුපියල් කෝටි දෙකකට විකිණීමට තැත් කළ නාවිකා හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු 23දා රාත්‍රියේදි මාතලේ නාඋලදි අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය පවසයි.

කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවලත් බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමේ සූදානමක් – ඇමති ප්‍රසන්න

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය 23 වනදා ආරම්භ කරනු ලැබීය.

නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සහ කළ 12 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු නාවික හමුදා භාරය විසින් පසුගිය 22 වනදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර සාම්ප්‍රදායික චාරිත්‍ර විධි ජනපති සහභාගීත්වයෙන්

කොල්ලුපිටියේ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පැවැත්වීම සහ මියන්මාරයේ සිට වැඩම කරවන ලද පද්මාකාර කිරිගරුඬ චෛත්‍යරාජයාණන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීම ඊයේ (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපති ධුරයට අමාත්‍ය විජේදාස පත්වෙයි

පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයට අදාළව නව සභාපති වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා 21  ඒකමතිකව තේරී පත්විය.

ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා අද (23) දින ඉදිරිපත් කළේය.

මාතලේ ගොවින්ට පොහොර ලබා දෙයි

ඉදිරි මහ කන්නයේදී වී වගාව සදහා රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් වශයෙන් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලබාදී ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් විජේකෝන් මහතා පවසයි.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට සහයෝගය දක්වයි

කර්මාන්ත ප‍්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය මෙන්ම SLS ප‍්‍රමිති සහතික නිකුත් කිරීමේ ජාතික ආයතනය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) සිය කාර්ය භාරයෙහි වැදගත් කම අවබෝධ කර ගනිමින් මෙරට ආර්ථිකයේ කොදුනාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සිය සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරනු ලබයි.

මාතලේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3 ක් තැන්පත් කිරීමට සැලසුම්

මාතලේ දිස්ත්‍රික්කයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3.5ක් මේ වන විට තැන්පත් කර ඇති බවත් ඉදිරියේදී තවත් මිලියන 3ක් තැන්පත් කිරීමට නියමිත බවත් ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ජලජීවි ව්‍යාප්ත නිලධාරි ප්‍රියන්ත මඩුගල්ල මහතා පවසයි.