19 May 2024

මාතලේ දි සැලලිණියෙකු ළගතබා ගත් අයෙකු අත්අඩංගවට

ලංකාවට ආව්ණික වු පක්ෂියෙතු ලෙස සැලකෙන ශ්‍රි ලංකා සැලලිහිණියකු ළග තබා ගත් අයෙකු 28දා මාතලේ ඇම්.සි පාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව මාතලේ වනජිවි කාර්යාලය පවසයි.

කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ අලෙවිපොලක් මාතලේ දි

මාතලේ දිස්ත්‍රික්කයේ විදතා පුහුනු මධ්‍යස්ථානවල දායකත්වය ඇතිව දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ අලෙවි පොළක් පසුගියදා දිසාලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී පැවැත්විණි.

අඹේවෙල කිරි ගොවිපොළේ නව ඒකකය නිරීක්ෂණ චාරිකාවකට ජනපති එක් වෙයි

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.

ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සඳහා අවබෝධතා ගිවිසුමක්

මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඊයේ (27) විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

වැඩ නැවති ඇති ජායා පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන්න – ඇමැති නිමල්ගෙන් උපදෙස්

ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රුපියල් 55 ට බිත්තර කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී අලෙවි කිරීමට පියවර

බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළේය.

අමාත්‍යාංශ 08කට නව ලේකම්වරු පත් කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ‍ය, වාරිමාර්ග සහ අධ්‍යාපන යන අමාත්‍යාංශ 03 හි ලේකම්වරුන්ගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කල බවත් කැබිනට් අමාත්‍යාංශ 08ක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කිළිනොච්චිය නව බස්නැවතුම්පළ කඩිනමින් ජනතා අයිතියට

ඉදිකිරීම් කටයුතු නිම කර ඇති කිළිනොච්චිය නව බස්නැවතුම්පළ කඩිනමින් ජනතා අයිතියට පත් කල බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ETF අරමුදලේ මුදල් ප්‍රේෂණ පෙබරවාරි 01 සිට online ක්‍රමයට පමණයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 28ක් සාමාජිකත්වය දරණ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට (ETF) දායකත්ව මුදල්‌ ප්‍රේෂණය කිරීම 2023 වසරේ පෙබරවාරි මස 01 දා සිට ක්‍රියාත්මක පරිදි මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැස්සෙන් පිඩාවට පත් ජනතාවගේ තොරතුරු විමසිමට රාජ්‍ය ඇමති රෝහණ නිරික්ෂනයක

අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් මාතලේ ප්‍රදේශයේ දුෂ්කරතාවයන්ට පත්වු ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බැලිම සදහා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා එම ප්‍රදේශවල නිරික්ෂණ චාරිකාවක නිරත විය.