19 May 2024

USAID ආධාර යට‌තේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට සහනාධාරයක්

එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ආධාර මත අප රටේ දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

රත්තොට රිවස්ටන් මාර්ගය අවහිර වෙයි

රත්තොට මැදවත්ත වතුයාය අසල කොටසක සිදුවු පස් කඳු කඩා වැටීම හේතුවෙන් රත්තොට සිට රිවස්ටන් දක්වා වූ මාර්ගය අවහිරව පවතින බව පොලිසිය පවසයි.

සුනාමි සැමරුම් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

2004 වර්ෂයේ සිදු වු සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය මහජනතාව සිහිපත් කරමින් හෙට (26) දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාව දැනුම්දෙයි.

එප්පාවලින් පැහැරගත් දරුවා රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසකින් සොයා ගැනේ…

දරුවා පැහැර ගෙන ගිය 44 හැවිරිදි විදුලි කාර්මිකයාත්, ඔවුන්ට නවාතැන් දුන් නිවසේ හිමිකුර වන නගරසභා රියදුරෙකුත් පොලිස් අත්අඩංගුවේ…. දරුවා රැගෙන ගිය ත්‍රී රෝද රථයත් පොලීස් භාරයේ..

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම 2022 දෙසැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආශු මාරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනාධිපති උපදේශක තනතුරේ කටයුතු කල ආශු මාරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව නිවේදනය කරයි. කෙසේ වෙතත් ඔහු සඳහන් කර ඇත්තේ ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීම ලබා දුන් බවයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශ්‍රාම යාම ගැටලුවක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

රටේ ආදායමෙන් 95% උපයන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් 100 වැඩි ප්‍රමාණයක්, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් 60 සහ රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 55ක් එළඹෙන දෙසැම්බර් මස 31 වන දා අවුරුදු 65 සීමාව හේතුවෙන් විශ්‍රාම යාමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

යුරියා පොහොර රැගත් තවත් නැවක් අද කොළඹ වරායට සේන්දු විය

ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අද දින (23) පාන්දර කොළඹ වරායට සේන්දු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.