20 September 2024

මෛත්‍රිපාල ඇදෙන්නේ සජිත්.. අපි බලන්නේ ටිකක් හරි උඩට යන්න – රාජ්‍ය ඇමැති චාමර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩි බරක් තියෙන්නේ සජිත් ප්‍රේමදාසට බවටත් අපි කණ්ඩායමක් ඉන්නවා, ඉස්සරහට හොඳ තීන්දුවක් ගන්නා බවත් දැනට අපි බලන්නේ මේ උන්නු තැනින් ටිකක් උඩට එන්න බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ජනපති පුටුවේ වාඩි වු දිනයේ සිට දේශපාලනය කලේ නෑ – ජනපති රනිල්

තමා ජනාධිපති ධූරයට පත්විමෙන් පසු කිසිදිනක දේශපාලනය නොකල බවත් සියලුදෙනා සමග කතා කරමින්, සියලුදෙනා නියෝජනය කරමින් තමා උත්සාහ කරන්නේ දුක් විඳින රටේ ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගන්නවා – ඇමැති රමේෂ්

ලංකාවේ ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ආරම්භ කොට තිබෙන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඉන්දිය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට නව ජීප් රථ 500ක්

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප්‍ රථ 125ක් පොලිසියට ලබාදීම අද (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

පාසල්වල තෙවන වාරයේ දෙවන වාරය ජනවාරි 02 ඇරඹෙයි – අධ්‍යාපන අමාත්‍යංශය

2022 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව කටයුතු කරන්න – ජනපති

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2022 LPL තරගාවලියේ සියළු සජීව අත්දැකීම් දැ න් Dialog Television සහ Dialog ViU App සමඟින් ඔබ වෙත

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගන රොද බදිමින්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඔල්වරසන් දෙන චමත්කාර ජනක ලංකා ප්‍රිමිය ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තෙවන අදියර ක්‍රියාත්මක වන මේ මොහොතේ එය සජීවීව නැරඹීමේ අවස්ථාව Dialog Television සහ Dialog ViU app ඔස්සේ ඔබට ලබා දී ඇත.

මානසික රෝගයක් තිබු අයෙකු දියේ ගිලි මියයයි

කඹුරුමුල්ල ප්‍රදේශයේ ඊයේ (21) අලුයම කාලයේදී නිවසක පිටුපස ඇති වැලි ඉවත් කිරීමෙන් පසු ජලය එකතු වු වලකට වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්

ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.