20 May 2024

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,”TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය අති සාර්ථකව නිමා විය

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන (SSDP), සමෘද්ධිමත් සහ ප්‍රත්‍යස්ථ (ඔරොත්තු දෙන) ආසියාව සහ පැසිෆික් කලාපයක් සඳහා වූ ජපන් අරමුදල (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සහයෝගයෙන්, “පුද්ගලික අංශය සඳහා නව්‍ය ප්‍රවේශයන් ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකාවේ TVET අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ” ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා එක්ව කටයුතු කරයි.

හැමදාම පස්සට ගිය රටට ඉස්සරහාට යන්න හොඳ අවස්ථාවක් ලැබිලා – මන්ත්‍රී තිස්ස

අප ආගමික, ජාතික, දේශපාලනික වශයෙන් විවිධ මතවාද තුළින් බෙදිම් ඇතිවීම හේතුවෙන් අප පසුපසට මිසක ඉදිරියට යෑමට හැකියාවක් නොමැති අතර අප වෙත දැන් ලැබි ඇත්තේ ඉතා හොඳ අවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

යාපනය, අනලතිව් සහ කෝවිලන් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට අද (23) ගැනීම සිදු කෙරිණි.

ඩී.එස් සේනානායක දර්ශන සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට ප්‍රපාතයට වැටීමට ප්‍රධානම හේතුව මුල්‍ය විනයක් නැති නිසයි – අනුර දිසානායක

අපේ රට මේ රට ප්‍රපාතයට වැටීමට ප්‍රධානම බලපෑමක් වී තිබෙන්නේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නය බවත් ගණකාධිකාරීවරුන් හැටියට සහ විගණකවරුන්ට වෘත්තීමය ලෙසත් රාජකාරි ලෙසත් මූල්‍ය විනය ඇති කිරීම පැවරී ඇති ප්‍රධානම කාර්යභාරයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාතාලයේ චරිත මරලා වැඩක් නෑ .. මේ මුළු ජාලයම නැති කල යුතුයි – නීතිඥ උදුල් ප්‍රේමරත්න

යම් යම් දේශපාලන බලවේග මගින් කාලයෙන් කාලයට මාධ්‍ය සංදර්ශන පවත්වමින් පාතාලය මර්ධනය කරනවා යැයි පවසමින් චරිත ඝාතනය කරන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

මන්ත්‍රී ඩිලාන්ට සභාපති තනතුරක්

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (21) තේරී පත් වු බව පාර්ලිමේන්තු සන්නිවේදය අංශය නිවේදනය කරයි.

IMF එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන්වත් සහාය ලබා දෙන්න – ජනපති

දේශපාලන මති මතාන්තර පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන්වත් සහාය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබාදීම 25 වැනිදා ඇරඹේ

ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබා දීමේ සමාරම්භක උත්සවය ප්‍රසන්න රණතුංග හා ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.