19 May 2024

බදු අංකය අනිවාර්ය වුනත් දඩය ක්‍රියාත්මක කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

වසය අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුව ද , ඊට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50000.00 ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත් , එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අපි ගාව මැර දේශපාලනය නැහැ – විපක්ෂ නායක සජිත්

අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇති බවත් පසුගිය දිනක මේ තත්ත්වය නිසා එක පවුලක්ම සියදිවි නසා ගෙන ඇති බවත් මේ අවස්ථාවේ අපේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 9 වැනිදා

පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.

අනගාරික ධර්මපාලතුමන්ගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවේ

1933 අප්‍රේල් මස 29 වැනි දින අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ඉපැරණි මංජුසාව මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමියෙන් නැවත හමු වී ඇතැයි වාර්තා වේ.

සංවර්ධන සැලසුම් යාවත්කාලීන කරන්නැයි ඇමැති ප්‍රසන්නගෙන් බලධාරීන්ට උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජාතික සම්මානයට පාත්‍ර වෙමින් සදාහරිත සමාගම SLIM NASCO සම්මාන රාත්‍රිය වර්ණවත් කරයි

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින් ජාතික තලයේ සම්මාන 02ක් මුල්‍ය සේවා කාණ්ඩයේ සම්මාන 06ක් සමඟ සමස්ථ සම්මාන 08ක් දිනා ගනිමින් සම්මාන ප්‍රධානොත්සවය සදාහරිත හරිත පැහයෙන් වර්ණවත් කිරීමට සමත් විය.

JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා – ඇමැති වෛද්‍ය රමේෂ්

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතාට ඔවුන්ගේ මැතිවරණ බලප්‍රදේශය වන කළාවැව ආසනයේ තඹුත්තේගම කොන්වැවදී ජනතා විරෝධයක් එල්ල වී ඇත.

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරීමයි – මන්ත්‍රී මරික්කාර්

ඉදිරියේදී නිර්මාණය කිරීමට යෝජිත සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය වන්නේ රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

උතුරු මැද පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස වරුණ සමරදිවාකර වැඩ බාරගනි

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වරුණ සමරදිවාකර මහතා උතුරු මැද පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදී (01) දින රාජකාරී ආරම්භ කළේය.