19 May 2024

බහු කාර්ය සංවර්ධන සහයකින් 219 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සහයකින් 219 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම ප්‍රධානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (29) වන දින සිදුකෙරිණි.

කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (01) ජනාධිපති කාර්යාලයේදී බාර දෙනු ලැබීය.

ෂාන් විජයලාල්ට සජබ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරයත් සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වය ඊයේ (01) දින ලබා දී තිබේ.

සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්‍රතිමාව නිරාවරණය ජනවාරි 05දා

භාරතයේ නූතන බෞද්ධ පුනර්ජීවනයේ නිර්මාතෘ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමන් පැවිදි දිවියේ ) ඉදි වූ ප්‍රථම පිළිරුව නිරාවරණය ජනවාරි 05  දින කොළඹ මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාර පරිශ්‍රයේ දී සිදු කිරිමට නියමිතයි.

අමාත්‍යංශයේ සියළු ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුල කිරීමේ වැඩපිලිවෙලක් – ලේකම් වියානි ගුණතිලක

විවිධ ස්ථානවල ක්‍රියාත්මක වන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුළට ගෙන ඒමට මේ වසර තුළ අප කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.

නිවැරදි තීන්දු තීරණ සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා – ජනපති

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් ජලයෙන් යටවී ඇති සෝමාවතිය පුදබිමෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ සහ අනෙකුත් පිරිසගේ අවශ්‍යතා සහ සුවදුක් සොයා බැලීම සඳහා ඊයේ (31) රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ සෝමාවතිය පුදබිමෙහි විහාරාධිපති හිමියන් විසින් සිදු කෙරිණ.

නව සන්ධානය 2024 ජනාධිපතිවරණ මෙහෙයුම නිමල් ලාන්සා අරඹයි

නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරන බව ජනාධිපතවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාට සහය දක්වන බව නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.