19 May 2024

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා කැප වී සිටිමි – ජනාධිපති ගෝඨාභය 

රටේ ජනාධිපතිවරයා වශයෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා කැප වී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තාව ලැබුණා – ජනපති ලේකම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බව ජනාධිපති ලේකම්, ගාමිණී සෙනරත් මහතා පවසයි.

ළිඳකට වැටී අයෙකු මරුට

මහව. උඩුවේරිය ප්‍රදේශයේ ඊයේ (24) පෙරවරුවේ දී අනාරක්ෂිත ළිඳකට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

නිර්පාක්ෂික අරගලය පිටුපස ජනතාව ප්‍රතික්ෂේප කල කණ්ඩායමක් බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

නිර්පාක්ෂික අරගලයක් නම් ඒ සදහා දේශපාලන පක්ෂවල සහය නොලැබෙන බවත් මේ අරගලය පිටුපස සිට එය මෙහයවන්නේ දේශපාලන ක්ෂේත්‍රයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේපකල කණ්ඩායමක් බව පළාත්පාලන සහ පළාත්සභා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

DFCC බැංකුව LankaPay Technnovation Awards 2022 හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා පැවති ‘LankaPay Technnovation Awards 2022’ හිදී 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබී ය.

ගිලන් රථ හා සංචාරකයන් රැගත් වාහන ගමනාගමනයට ඇති බාධා ඉවත් කරන්න -ඇමැති ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

රට තුළ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් පියවර ගන්න යැයි මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.

පියල් හා ලොහාන්ගේ පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා තිබේ.