16 May 2024

ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට නව අවබෝධතා ගිවිසුමකට එකගත්වය

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා වන නව රැකියා අවස්ථා ලබාගැනීම සදහා වන ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයත්, ජපානයේ Im Japan ආයතනයත් අතර අත්සන් කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ යෙදීම නැවැත්වීමට විශේෂ යාන්ත්‍රණයක් – ඇමැති ඩග්ලස්

නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ යෙදීම නැවැත්වීමට නාවික හමුදාව හා එක්ව විශේෂ යාන්ත්‍රණයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය දේවානන්දා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මුලදී දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන සැප්තැම්බර් මුල් සති දෙක තුලදී දිවයිනට පැමිණෙන බව ඔහුගේ සමිපතමයෙකු අප වෙත පැවසිය. හිටපු ජනාධිපතිවරයාට සියළු ආරක්ෂාව ලබා දී ඔහුගේ කටයුතු කරගෙන යාමට සුදුසු ආකාරයේ සියලු දේ සුදානම් කර ඇති බව වාර්තාවේ.

මාතලේ නිදහස් සටන විරයන් සැමරේ

වීර පුරන් අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා ඇතුලු විරුවන්ගේ නායකත්වයෙන් දියත් කළ 1848 මාතලේ නිදහස් සටන සිදු වි වසර 174 ක් පිරීම සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොල ශාලාවේදි පැවැත්විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

හෘද සාක්ෂියට එකඟව වගකීම් ඉටු කරන්න – මන්ත්‍රී ඩි.බී.හේරත්

කොන්ත්‍රත්තු ඉටුකිරීමට නොව හෘද සාක්ෂියට එකඟව මහජනතාව පැවරු වගකීම ඉටුකිරීම අපගේ වගකීම බවත් එම වගකීම ඉටුකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‍නිදහස ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා පවසයි.

රජයේ අඩු ආදායම්ලාභී නිවාසලාභීන්ට වසරක් තුළ හිමිකම් ඔප්පු – ඇමති ප්‍රසන්න

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් නිවාස ලබාදුන් නිවාසලාභීන්ට හිමිකම් ඔප්පු ඉදිරි වසරක කාලය තුළ ලබා දී අවසන් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ‍

ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට අරන් – විපක්ෂනායක සජිත්

මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

ආයතන වශයෙන් වෙන් නොවී ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.