16 May 2024

ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු වූ මන්ත්‍රීවරුන්ට අගමැති දිනේෂ් අතින් පත්වීම් ලිපි

දිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා සිදු කෙරිණි.

පොලිස් නිලධාරීන් 4000ක් ඉවත් කරයිද ? … අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාවේදී අවධානය…  

දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නෑ – සභානායක සුසිල්

පාර්ලිමේන්තුව හා සමාන වෙනත් මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නොමැති බවත් එසේ පිහිටුවීමට උත්සාහ කිරීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමක් බවත් සභානායක අමාත්‍ය (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කුමන ක්ෂේත්‍රයට විකල්ප තිබුණද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නෑ -සෞඛ්‍ය ඇමති

ඕනෑම අභියෝගාත්මක වකවානුවක වුවද රටෙහි මාර්ග, ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් සඳහා විකල්ප පැවතියත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අපේ සියලුම ආයතනවල තිබෙන සම්පත් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න -අමාත්‍ය රොෂාන්

70 දශකයේ සිට මේ දක්වා තරුණයා සිතන පතන ආකාරය ඉතා හොඳින් වටහා ගත යුතු බවත් අපේ සියලුම ආයතනවල තිබෙන සම්පත් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නයැයි නියෝග කරන බව වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

දරුවන්ට ඖෂධ නෑ… හැබැයි ආණ්ඩුව මැති ඇමති සූදුවේ – විපක්ෂනායක සජිත්

වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටී ඇති බවත් මේ දිනවල රිච්වේ ආර්යා ළමා රෝහලේ පවා ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී පවා ජනාධිපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තාන්න මාන්න ලබා ගෙන වරප්‍රසාද භුක්ති විදිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාතලේ ජල මුලාශ්‍ර විනාශ වේ

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර ආශ්‍රිතව ඇතැම් පිරිස් විසින් සිදුකරන අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් ජල මුලාශ්‍ර විනාශ විමක් සිදුවන පරිසර සංවිධාන නිියෝජිතයෝ පවසයි.

ගැසට් පත්‍ර හතරකට අනුමැතිය – රජයේ මුදල් පිළිබද කාරක සභාව

අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමැතිය හිමි වු බව රජයේ මුදල් පිළිබද කාරක සභාව පවසයි.

කාන්තා සවිබල ගැන්වීම පිළිබද යෝජිත පනත් කෙටුම්පත ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට අවධානය

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීමට අදාළව යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට පසුගියදා ලක්විණි.

බ්‍රිතාන්‍ය නව අගමැති ධුරයට රිෂි සුනක්

හිටපු අගමැති ලිස් ට්‍රස්ට් මහත්මිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු පාලක කොන්සවේටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ජය ලැබු රිෂි සුනක් අද දිනයේදී බිත්‍රාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.