19 May 2024

‘DFCC ආලෝකා’ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් WCIC කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සවිබලගැන්වෙයි

ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්‍රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සාකච්ඡාවක්

ශ්‍රී ලංකා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ (26) සවස පැවැත්විණි.

මානව සම්පත් ප්‍රාග්ධනයක් බවට පත්කිරීම රට වෙනුවෙන් කල යුතුමයි – කර්මාන්ත අමාත්‍ය රමේෂ්

අපට ඇති වටිනා මානව සම්පත , මානව ප්‍රාග්ධනයක් බවට පත්කිරීම රට වෙනුවෙන් මේ මොහොතේ කල යුතුම කාර්යක් බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය ආයතන සදහා රුපියල් මිලියන 1464 ක් වටිනා නව ගිලන් 60 ක්

ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60 ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම අද (26)සිදු කෙරිණි. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දීය.

රත්තොට මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා පුහුණු කිරීමේ වැඩමුළුවක්

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සංවර්ධනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සකස් කළ පුහුණු මොඩියුලය පුහුණු කිරීමේ දෙදින පුහුණු වැඩමුළුව රත්තොට හා අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් සම්බන්ධ කර ගැනීමින් පසුගියදා රත්තොට කයිකාවල මධ්‍යම මහා විදුහලේ දී පැවැත්විණි.

දේශපාලනයට අකුල්හෙළීමට කිසිවෙකුටත් අයිතියක් නෑ – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

මෙරට දේශපාලනය කිරීමට තිබෙන අයිතිය අන් සැමට තිබිය යුතු බවත්, කරනු ලබන දේශපාලනයට අකුල්හෙළීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට සමගාමීව වෙළසැල් ආරම්භ කරයි

“සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට” සමගාමීව සංවිධානය වූ මාලිගාතැන්න රන්රස සෞභාග්‍යයා නිෂ්පාදන සමිතියෙහි සාමාජිකයන් තිදෙනෙකුගේ නිශ්පාදනය අලෙවි කිරීම සඳහා ජංගම වෙළෙඳ කුටි විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයේ සිදු කෙරුණි.

පනත් කෙටුම්පත් ත්‍රිත්වයකට කථානායකවරයා සිය සහතිකය සටහන් තබයි

පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) සිය සහතිකය සටහන් කළේය.

ඩයලොග් ටෙලිවිෂන් සමග කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු T20 ලෝක කුසලාන තරගාවලියම නරඹන්න!

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේ සිංහයන්ගේ ජයග්‍රහණයට සවියක් වීම වෙනුවෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු තරගාවලියම නැරඹීමට අවස්ථාව Dialog Television වෙතින් ලබා දී තිබේ.

වෘත්තීය පුහුණු ආයතන සමග ඒකාබද්ධව පුහුණු ශ්‍රමිකයන් වැඩි කරන්න – කෝපා කමිටුව

වෘත්තීය පුහුණු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් (කෝපා කමිටුව) විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දී ඇත.