19 May 2024

අනතුරකට ප්‍රථම අනාරක්ෂිත පාලමක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානයට

මහනුවර-පේරාදෙණිය මාර්ගයේ මුල්ගම්පොළ මංසන්ධිය අසල පවතින මගී ගුවන් පාලමේ තත්ත්වය පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා නිරීක්ෂණට (19) ලක්විය.

ඡනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ‍‍ ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.

මාතලේ අඩු බර දරු උපත් වැඩිවෙලා

මාතලේ දිස්ත්‍රික්කයේ අඩු බර දරු උපත් සංඛ්‍යාවල වැඩිවිමක් දක්නට ලැබෙන බව ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.

පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන්ගේ එකඟ වෙයි – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අවුරුදු 28 ක් කැසිනෝ බලපත්‍රවලට එක ඩොලරයක්වත් නෑ! – පාඨලී චම්පික රණවක

අවුරුදු 28 ක් කාලයක් තිස්සේ කැසිනෝ බලපත්‍ර හතර මගින් එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් එකතු කරගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාව අද

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාව ඉවත් කිරීම සදහා වන යෝජනාව විවාදයට ගැනීම ‍අද (24 ) නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දක්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ ජනරජ දිනයේ (22) සවස ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළි දැක්විණ.

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට -සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

විශ්‍රාම වැටුප් ගෙවීම් විධිමත් කර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න

මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.