20 May 2024

ආසියාවේ ශක්තිය සහ වැදගත්කම ජනපති අවධාරණය කරයි

ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනකව විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරගන්න – සමන් රත්නප්‍රිය

විපක්ෂයේ වීරයෙකු වී සිටින ජනක රත්නායක මහතා ඊලඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගන්නා ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් නිකුත් කරන්න – විභාග කොමසාරිස්

අපොස සාමාන්‍ය පෙළ -2022(2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් නිකුත් කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඉන්දීය ධීවර ආක්‍රමණය අනුමත කළ නොහැකියි – ඇමති ඩග්ලස්

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විනාශ කිරීම දිගින් දිගටම සිදුවන බවත් එය නවතාලිමට ඉන්දීය ධීවරයන්කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් එය ධීවර අමාත්‍යවරයා ලෙස තමන් තරයේ හෙලා දකින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

සයිමෝල් පදනමේ ව්‍යාපෘති ග්‍රාමීය උන්නතිය සඳහා වැදගත් – අගමැති

කොරියාවේ සයිමෝල් පදනමට මගින් ක්‍රියාත්මක සබරගමුව පළාතේ නියමු ව්‍යාපෘති ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්තුතිය පල කරයි.

රාජ්‍ය බැංකුවල ඇති හිතවතුන්ගේ ණය කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි – වැඩබලන මුදල් ඇමැති රංජිත්

රාජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ඇතැම් ණය මුදල් දේශපාලන හිතවත්කම් මත කපා හැරි ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යය බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

පොසොන් පොහොය දින දිවයිනේ සියලුම මත්පැන් හල් වසා තැබේ

පොසොන් පොහොය නිමිත්තෙන් එළැඹෙන 03 වන පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සියලුම ත්පැන් හල් වසා තැබීමට නියෝග කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඇතැම් රාජ්‍ය නිළධාරින් පරණ වාර්තාවම යළි කමිටුවලදී ඉදිරිපත් කරන බව ඇමති ප්‍රසන්නගෙන් චෝදනා

ඇතැම් රාජ්‍ය නිළධාරින් මීට මාස කිහිපයකට පෙර පැවති සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවම තවත් මාස කිහිපයකින් යළිත් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් කුසලතා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට

‍පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් ඇතුලත් විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය එම පාසල් භූමියේදී දින 03 ක් පුරා පැවති අතර, එම ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඉකුත්දා සහභාගි විය.