16 May 2024

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ කාරකසභා සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නිවේනදය කරයි

පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (22) නිවේදනය කළේය.

බන්ධනාගාර ගතව සිටින අය වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට සම්බන්ධව වරදකරුවන් – බන්ධනාගාර කොමසාරිස් ජගත්

බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ බවත්, බන්ධනාගාරගතව සිටින දරුවන්ගෙන් වැඩිපිරිසක් ද මත්දුව්‍ය වැරදි වලට සම්බන්ධ බව බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.

කුමන බලපෑම් පැමිණිය ද දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ -ඇමැති ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

දැන් මෙරටේ ඡන්දදායකයින් බව බුද්ධිමත් – මන්ත්‍රී රංජිත්

මෙරට මහජනයා මුලා කරමින්, මුදල් විසි කරමින් ඡන්ද දිනාගැනීමට, රජවීමට හැකියාව ඇතැයි යම්කිසි පිරිසක් සිතා සිටිද එය හිතලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුයි – මන්ත්‍රී පාඨලී

නීත්‍යානුකූලව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

නව සන්ධානයේ කොළඹ රැලිය එළැඹෙන 24 වනදා හයිඩ් පාර්ක් පිටියේදි

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ දෙවන පියවර පෙබරවාරි 24 වෙනි දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතයි.

කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය පත් කෙරේ

කොළඹ නගර සභාවේ1902 පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය (CMOH) ලෙස එහි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන මහත්මිය පසුගියදා (19) පත්වූවාය.

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ – ඇමැති ඩග්ලස්

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා පත් කෙරේ

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා – ජනපති

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.