19 May 2024

ජනතාවාදි පාලනයක් ගොඩනගනවා

ඉදිරියේදි ගොඩනැගෙන පාලනය ජනතාවාදී පාලනයක් බවට පත්කරන්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේදී රට රකින රට හදන ජනතාවාදී පාලනයක් ජාතික කතිකාව අමතමින්.

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයට අත නොතබා රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) දින සහභාගී වෙමින්.

සෑම කෙනෙකුටම නිවසක්

රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්,නිවසක්,ආදායමක් ලැබෙන පරිසරයක් සැකසීම බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ගැටළුව විශාල කාලයක සිට පැවතියද පසුගිය කාලයේ සිදු වූ බව අමාත්‍යවරයා පැවසිය. 

මහින්ද වෙනස් වෙලා නෑ

මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වන්නේ ඔහු තුල ඇත්තේ පවුල් පාලනය නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින්.

කල්පිටියේ කෘෂිකාර්මික කලාපයක්

කල්පිටිය ප්‍රදේශය එළවළු හා පලතුරු නිෂ්පාදන කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් පරිදි කල්පිටිය, තලවිල ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය 12 වනදා තලවිල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මුහුණට මුහුණ කතා කරන්න එන්න – මංගල මහින්දට කියයි

පදුරු අස්සේ සිටින්නේ නැතිව තමා සමඟ මුහුණට මුහුණ සංවාදයකට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි. අමාත්‍යවරයා අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉන්ධන මිල සුත්‍රය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනය නිවැරදි නොවන බවයි.

ඉන්දිය අයෝජනවල වැඩ පටන් ගන්නවා

ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතින් කිහිපයකම වැඩ කටයුතු මේ වසර තුළ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රජයේ ආයතන දහස් ගණනකට ඔප්පු නෑ…!

පාසැල් ඇතුලූ රජයට අයත් විවිධ ආයතන වල පිහිටි භූමි වල අයිතිය කියා පෑමට ඔප්පුවක් නොමැති ආයතන 12000 ක් පමණ මේ වන විට තම අයිතිය තහවුරු කර ගැනීම සදහා ඔප්පු ලබා දෙන ලෙසට ඉල්ලූම්පත් ඉදිරිපත් කර තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මත් ද්‍රව්‍ය ව්‍යාපාර නැති කරන්න එක් වෙන්න

පාසැල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහින්ද ගෝඨා ගැන තීරණයක

එළැඹෙන ජනාධිපතිවරණයේදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන්නේ ද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.