8 September 2024

ඉන්දියාව අවසන් සටනට

ගයනා හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් අත්කර ගත් ඉන්දියාව තෙවැනි වරටත් විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට සමත්විය.

හිරුණිකාට වසර තුනක සිරදඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ.

වෙඩතලතිව් රක්ෂිතය : ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

විල්පත්තුව, වෙඩිතලතිව් රක්ෂිතයට අයත් ප්‍රදේශයක රක්ෂිත තත්ත්වය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. රජය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණි. එම පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළේය. වනජීවී හා […]

කෙහෙළියගේ පෙත්සම සලකා බැලීම කල්යයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන […]

ඩයනාට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙයි

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබේ. මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (26) කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු වශයෙන් […]

chris silverwood ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවය. ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

අකුරට වැඩ කරන ග්‍රාම නිලධාරීන් රාජකාරී වලින් ඉවතට

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පැවසුවේ, 2016යෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩි කරන ලෙසයි. ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර […]

IMF ගිය 16 වතාවම අපි අසාර්ථකයි

තමන් වෙහෙසෙන්නේ නැවත කිසිදිනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාමට අවශ්‍ය නොවන ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ (26) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මීට පෙර අවස්ථා c16ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති නමුත් ඒ සෑම වතාවක දීම ශ්‍රී ලංකාව අසාර්ථක වී […]

කොළඹ නගර සභාවට රු. කෝටි 26ක බදු පොල්ලක්

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය. කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන […]

ගුරු විදුහල්පතිවරු අද කොළඹට

ගුරු විදුහල්පතිවරුන්ටසහ අධ්‍යාපනක්ෂේත්‍රයට ඇති වී තිබෙන පොදු ගැටලු විසඳාගැනීමටඅද (26දා) ගුරු විදුහල්පතිවරුන් අසනීප වාර්තා කර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්,පිරිවෙන් ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් අසනීප නිවාඩු වාර්තා කරන බවද එම සන්ධානයේ සාමාජික ලංකා ගුරුසේවා සංගමයේ […]