8 September 2024

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය 60 වැඩි පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය 60 වැඩි පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ අඟහරුවාදා සේවකයින් 60 දෙනෙකුට ආමාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බව ද සඳහන් වෙයි. ඉන් පනස් හතක් […]

කොළඹ මැද්දේ හදන අලුත් කැසිනෝ එකේ ලාභය ගැන අනාවැකියක්

කොළඹ නගරය මධ්‍යයේ පිහිටි නව Melco Resorts & Entertainment City of Dreams ව්‍යාපෘතියේ යෝජිත කැසිනෝව මගින් ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් ඒ යටතේ බදු ගෙවීමට පෙර ලාභය 50%ක් පමණ ඉපැයීමටත් උපකාරී වනු ඇතැයි මෝගන් ස්ටැන්ලි තැරැව්කාර සමාගම අනාවැකි පළ කර තිබේ. ඩොලර් බිලියන 1කට වැඩි ඒකාබද්ධ සංචාරක නිකේතන ව්‍යාපෘතියේ අදාළ කැසිනෝ ශාලාව සඳහා Melco Resorts […]

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් රනිල් එක්ක එක්වෙලා – රනිල් දිනවන්න මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දීලා – පවිත්‍රාත් පැත්තක ඉඳලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළකර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමේ යෝජනාව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මන්ත්‍රී […]

ඉයෙත් පරාදයි ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ පන්දුවාර විස්ස තරගාවලි ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම ඊයේ (30)සමත්විය. පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි පන්දුවාර විස්ස තරගයේ සුපිරි පන්දුවාරය තුළ ජයග්‍රහණය ලබාගනිමින් ඉන්දියාව එම තරගාවලි ජයග්‍රහණය ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හමුවේය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් සහ තුන්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු 48කට දැවි […]

අදත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම […]

වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය.

“ඔබට තරග බිමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෙස පෙනුනත් ඇත්තටම එම තරග බිමේ තිදෙනෙක් සිටියා ! ඒ තමයි, මගේ තරඟකරු සහ අපේ ලෝකයට තවම පැමිණ නැති, පුංචි බබා! මම මේක ලියන්න අදහස් කළේ අවසන් තරගකරුවන් 16 දෙනා අතර මගේ නම තහවුරු කළා කියන අභිමානයත් එක්ක. හෆීස් ඇගේ සමාජ මාධ්‍ය පිටුවේ ලියා තිබිණි. හෆීස් ෆෙන්ස් කාන්තා කේවල ඉසව්වේ […]

හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් සිදු වුණේ නෑ

හෙද හෙදියන්ගේ සමුළුවේ දී කිසිදු නීති විරෝධි වැඩක් සිදුව නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පුවත්පත කළ විමසීමකදී පැවසීය. එය ජාතික ජනබලවේගයට අනුබද්ධ හෙද සංගමයේ වාර්ෂික සමුළුව බවත්, ඒ සඳහා තමන්ට කරන ලද ආරාධනය මත එහි ගිය බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔවුන්ට රාජකාරි නිවාඩු ලබා දීමට අදාළ ලිපි ලේඛන ද […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළේය

ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසිනි. රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී ඇප මුදල් තැන්පත් කිරීම සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(30) පැවැත්වෙයි

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(30) පැවැත්වෙයි. මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට නියමිතයි. තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස ⁣මේ වනවිට ඉන්දීය කණ්ඩායම ජයගෙන සිටියි.

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රු. කෝටි 15ක තෑග්ගක්

ආසියානු ක්‍රිකට්  ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15ක්) ත්‍යාගයක්  පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට්  ආයතනය ඊයේ පියවර ගෙන තිබිණ. කොළඹ සිනමන් ග්‍රෑම් හෝටලයේදී පැවැති උත්සවයක දී මෙම චෙක්පත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට  පිරිනැමීම සිදු වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, […]