19 September 2024

ක්ලබ් වසන්තගේ බිරිඳ කලුබෝවිල රෝහලට මාරු කරයි – වෑන් රථයත් හමුවෙයි

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත ) නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි හෝමාගම මූලික රෝහල පවසයි. මැණික් විජේවර්ධන (42) කාන්තාව (08) දා උදෑසන අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් මෙසේ තුවාල ලබා […]

සෞඛ්‍යයත් ලබන සතියේදී වැඩ වරයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරිම යටතේ  ලබා දිය යුතු  ඉතිරි කොටස ලබා දිම ප්‍රමාද කරමින් තිබෙන නිසා අදාල කොටස ලබා ගැනිමට ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකිරිමට තිරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි. ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව සකස් කල තාක්ෂණික වාර්තාවට අනුව  පළමු කොටස ලබා දිමෙන් අනතුරුව, […]

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා (ක්ලබ් වසන්ත) වෙඩි තැබීමකින් මරුට

අද (08) පෙරවරුවේ අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැති පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කරනු ලබනවා.

පවතින වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]

අද මහා වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත්රාජ්‍යසේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද(08දා) සහ හෙට(09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි. විධායක සේවාවල නිලධාරීන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල නිරත රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසකමාසික […]

පුහුණුකරු ධුරය තාවකාලිකව සනත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව Tha Sunday Times පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ මෙම තනතුරට ස්ථිර පුහුණුකරුවෙකු පත්කර ගන්නාතුරු මෙම පත්කිරීම සිදුකර ඇති බව […]

‘ඊළඟ ඡන්දෙදී ඇඟිලි තීන්ත ඕනේ නෑ’

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරට ත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්බිම’ට පැවසීය. මැතිවරණ ක්‍රියාවලියේදී 2010 වසරෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීම පරිගණක ගත කර තිබෙන නිසා යම් පුද්ගලයෙක් ස්ථාන දෙකකදී ඡන්දය දීම සටහන් වුවහොත් නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් වන බව ඔහු කීවේය. ඒ අනුව, ඇඟිලි පාට […]

ජනපති ධුර කාලය ගැන පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සදහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලට විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස් තුරෙයිරාජා යන විනිසුරුවරුන් අයත් […]

‘වෘත්තීය සමිති එක්ක එකතු වෙන්න එපා’: අලුත් පත්වීම් ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන ඇමති ඉල්ලයි

වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු නොවන ලෙසට නවක ගුරු පත්වීම් ලබා ගන්නා උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ගුරුවරුන් ලබා දුන් අධ්‍යාපනය හේතුවෙන් මොවුන්ට උපාධිධාරීයෙකු ලෙස ගමනක් යෑමට හැකියාව ලැබී ඇතැයි පැවැසූ ඇමැතිවරයා පාසල් අධ්‍යාපන කටයුතුවලින් ඈත්ව වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගියහොත් දරුවන්ගේ අනාගතය අඳුරු වන බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකා අධ්‍යාපන […]