19 September 2024

වතු කම්කරු වැටුප් වැඩිවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්: පෙත්සම් විභාගය අවසන් වන තෙක් තහනම බලාත්මකයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ දැමිය යුතු බවට කම්කරු අමාත්‍යංශය විසින් මැයි 21 වන දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජූලි 4) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. එම වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් […]

අද ප්‍රදේශ කිහිපයටකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුර-මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත […]

අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ඇරඹෙයි

අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග ඊයේ (04) අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාව දී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සමීක්ෂණ කටයුතු ජූලි මස 15 වැනි දා නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුව ද කඩිනමින් දෙවැනි අදියරේ ප්‍රතිලාභ ගෙවීම ආරම්භ […]

පාලනයෙන් ගිලිහුණු ත්‍රිරෝද රථ අනතුරින් පුද්ගලයෙක් මරුට

කන්තලේ දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, පිටුපස ගමන් ගත් රියදුරුගේ බිරිඳ හා දියණිය තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 44ක් වූ […]

කෙහෙළියගේ පවුලේ මිලියන ගණනක ගිණුම්, ජීවිත රක්ෂණ අත්හිටුවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 97 ඉක්මවන ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. එම අත්හිටුවීම මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ. ඒ අනුව ස්ථාවර බැංකු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක් මෙලෙස අත්හිටුවා ඇත. දූෂණ විරෝධී පනත යටතේ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මෙම […]

ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයකට..!

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් සඳුදා (08) දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසයි. ඔවුන් සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අපොහොසත් වීම සහ දීමනා වැඩි නොකිරීමට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතව සිටිති. සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පැවසුවේ, සාකච්ඡා කිහිපයක් සිදු කළද […]

මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්න මගෙන් ඇහුවේ නෑ

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (4) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට තමන් සහය පළ කරන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබිණි. මීට අමතරව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමට පෙර චමින්ද්‍ර […]

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියමව සිටින හිටපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ ඇප ඉල්ලීම සලකා බැලීම 2024 ජූලි 11 වැනිදාට කල් තැබිණි. ඇප ඉල්ලීමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය අද දින විභාගය කල් තැබීය. එහිදි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා […]

පාසල් පද්ධතියේ විශිෂ්ට විදුහල්පති හා ගුරුන් තෝරයි

ඔක්තෝම්බර් 05 දාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව  පාසල් පද්ධතියේ ඉහල කාර්ය සාධනයක් සහිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තෝරා ඇගැයීමේ  වාර්ෂික   “ගුරු  ප්‍රතිභා ප්‍රභා 2024 ” උළෙල සඳහා මෙම මස 07 දා දක්වා අයදුම්පත්  බාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2023 වර්ෂය තුළදී පාසල්වල ශිෂ්‍ය සාධනය ,ඉගෙනුම් ඉගන්වීම් ක්‍රියාවලිය ,විෂය මාලා කළමනාකරණය ,විෂය සමගාමී කටයුතු,ගුරු සිසු […]

සත්කාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම තරග 2ට 1ක් ලෙස ජය ගනී

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය සත්කාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට සමත්විය. මෙම තරගය එංගලන්තයේ කවුන්ටි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් පන්දුවාර සංඛ්‍යාව 45කට සීමා කෙරිණි. කෙසේවෙතත් තරගාවලියේ තුන්වැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 4කින් ජය ගැනීමත් ගැනීමට එංගලන්ත […]