19 September 2024

රජයේ සීටී ස්කෑන් යන්ත්‍ර 44න් 7ක් අක්‍රීයයි

රජයේ රෝහල්වල තිබෙන  සීටී ස්කෑන් යන්ත්‍ර 44න් යන්ත්‍ර  07 ක් මේ වන විට  දෝෂවලට ලක් වී තිබෙන බවත්, මේ නිසා රෝගී ජනතාව දැඩිදුෂ්කරතාවන්ට පත්වන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. බිඳවැටී තිබෙන්නේ  රත්නපුර මහ රෝහල, කරවනැල්ල මූලික රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට මහ රෝහ‍ලේ පිළිකා ප්‍රතිකාර ඒකකය, කල්මුනේ මූලික රෝහල, කළුතර මහ […]

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මැ : කොමිසමට

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ ‍කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම හමුව සිදු වන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවකදීය. මැතිවරණයට අදාළ මූලික ලිය කියවිලි රැසක් මේ වනවිටත් මුද්‍රණයට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත […]

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහලට

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන බවය. මේ අතර රයිස් සහ කොත්තු මිලත් රු 25කින් […]

මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි වනිඳු හසරංග පවසයි

තමන්ට එල්ලවන අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බව කැන්ඩි නායක වනිඳු හසරංග පවසයි. ඊයේ (15) කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ බව සඳහන් කළේය. “අපහසු කාල ඕනම ක්‍රීඩකයෙක්ට සහ ඕනම මනුස්සයෙක්ට වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. මම ඒවට හිමින් හිමින් මුහුණ දෙනවා. මම දන්නවා මට මොනවද කරන්න […]

2024 රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ

අමෙරිකානු ජනාධිපතිවරණය – 2024 රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ. ඒ, මිල්වෞකි නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීයි. රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සි ප්‍රාන්තය මිල්වෞකි නගරයේ දී ඊයේ (15) ආරම්භ කෙරුණි. පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල ලැබු හිටපු ජනාධිපතිවරයා සමුළුවට සහාභාගි වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට […]

මේ මස අවසානයේ ජනාධිපතිවරණය දිනය ප්‍රකාශයට පත් කරයි

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙනු ඇත. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ , මේ මස අවසන් වීමට දිනය ප්‍රකාශයට පත් කරන බවයි. මේ වනවිට ඔහුගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වෙමින් තිබේ.

අදත් මි.මී.75 ක පමණ තරමක තද වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම […]

කුවේට් පොදු සමා කාලයේදි ලංකාවට 10615ක් ආපසු ඇවිත්

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්,එරට වලංගු  වීසා කාළය ඉක්මවා නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා  ලබා දී තිබූ ” පොදු සමා කාළය ” භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර […]

ඉරානයේ තෙල් ණය පියවන්නේ තේ දෙයි

ඉරානයෙන් ණයට ලබා ගත් ඛණිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 250.9ක මුදල පියවීම වෙනුවෙන් මේ වන විට ඇමේරිකානු ඩොලර් මිලියන 55ක් වටිනා තේ ඉරානය වෙත අපනයනය කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසිය. “ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර […]

නේපාලයේ අගමැතිධූරය ඔලීට

නේපාලයේ විශාලතම කොමියුනිස්ට් පක්ෂයේ නායක කේ. ප්‍රසාද් ශර්මා ඔලී අගමැති ලෙස නම් කර තිබේ. ඒ ඔලිගේ පක්ෂය වන, නේපාලයේ එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය සහ නේපාල කොන්ග්‍රස් පක්ෂය පාර්ලිමේන්තුවේ නව සන්ධානයක් ගොඩනැගීමෙන් පසුව පැවැත්වුණු විශ්වාසභංගයෙන් පසුගියදා නේපාල අග්‍රාමාත්‍යධූරය දැරූ පුෂ්ප කමල් දහල් පරාජයට පත්වීමත් සමගිනි.