19 September 2024

දින 75ක අනධ්‍යයන වැඩ වර්ජනය නවතයි

දින 75ක වැඩ වර්ජනයකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(15) සලකා බැලීමට නියමිතව තිබේ. .

දුවන්න කලින් සහතිකය ගන්න

ධාවන ඉසව් හෝ දැඩි ලෙස කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රීඩාවලට ප්‍රථම පාසල් සිසුන්ට ක්‍රීඩා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

සියදිවි නසා ගැනීම් වලින් ලංකාව තවමත් ලෝකයේ ඉදිරියෙන්ලු

1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මානත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ, ඊයේ […]

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹේ

ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබෙනවා. පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීම මෙලෙස […]