20 September 2024

අගමැති නිසා එජාපය අවුලක – සජිත්ට නායකකම දෙන්න බලපෑම්

අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට අහිමි වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ප්‍රබලයින් රැසක් මේවන විටත් රැඳී සිටින්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයේය. එජාප ප්‍රබලයින් සේම එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක්ව ඇත්තේ එජාප නායකත්වය වෙනස් කර අලුත් ගමනක් යාමට දැන් […]

නව අගමැති මහින්ද වැඩ භාර ගනි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීම නිල වශයෙන් අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.  ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීම අද 11ට

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදුවීමට නියමිත අතර අද කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත ඇත.  එසේම එය සංඛ්‍යාව අඩු කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ විට එය 30 කට සිමා වනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග කියා සිටියේ.

මගේ දර්ශනයත් රනිල්ගේ දර්ශනයක් අතර ගැටුමක් තිබ්බා – ජනපති

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප‍්‍රතිපත්තිමය ගැටුමක් ඇති වු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතළ සංස්කෘතික වෙනස්කම් තිබු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අර්ජුනගේ පැමිණිම නිසා …………! වෙඩි තැබීමක් – 2කුට තුවාලයි

අර්ජුන රණතුංග මහතා සිය අවශ්‍ය ලිපි කිහිපයක් ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය ගිය අවස්ථාවේදී වෙඩි තැබීමක් සිදු වි තිබේ. එහිදී ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෛත්‍රි සතෙක් කියන්නත් බෑ… ඊට වඩා පහත්………  මංගල කියයි

අපි දිවි පරදුවට තබා ජනාධිපති කරපු පුද්ගලයාම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. පහත් පුද්ගලයෙකු ජනාධිපති වරයා වශයෙන් පත් කිරීමට ගමක් ගමක් ගනේ ගිහින් ජනතාවට දැනුවත් කිරීමට ගැනීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ඔහු පැවසිය.

ජනපති හෙට (28) ජාතිය අමතයි

රටේ සිදු වු දේශපාලන වෙනස සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට දිනයේදී ජාතිය අමතන බව වාර්තා වේ. අගමැතිවරයා සම්බන්ධයෙන් හා එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇති බව වාර්තා වනවා.

මට වුණ දේ අනෙක් අයට වෙන්න දෙන්න එපා…. ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න … පාරමි කියයි

තමාට රජයෙන් පහසුකම් ලැබුණත් නොලැබුණත් තමා එම ඉලක්කය ජයගැනීමට කටයුතු කළ බව ආජන්ටිනාවේ තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා පවසයි.

රාජ්‍ය නිලධාරින්ගේ බය නැති කරන්න ඕන – අගමැති ලේකම්

රාජ්‍ය නිලධාරින් පසුගිය කාලයේදී බය විමෙන් තම රාජකාරි කටයුතු සිදු කළ බවත් ඇතැම් අයගේ අත් පවා වෙව්ලපු අවස්ථා තිබු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ නව අගමැති ලේකම් එස්.අමරසේකර මහතා පවසයි.

එජාපයේ 20 ක් මහින්දට සහාය දෙනවා – මන්ත්‍රි ආනන්ද කියයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගේ සහාය හිමිවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද (27) පදනමේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ රට දියුණු කිරිමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බවයි.