21 September 2024

මමනම් ඩීල්වලට හසු වුණේ නෑ …. !- පියසේන කියයි

දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ”ඩීල්” වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

පිස්සන් කොටුවට හෙණ ගහලා – රාජිත කියයි

පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි.

ලොකුගේට ලොකු පුටුවක්.. විමල් එපා කියයි … !

පසුගිය 26 වනදා පත් වු නව ආණ්ඩුව සඳහා මේ වන විට ඇමැතිවරුන් කැබිනට් අමාත්‍ය ධුර 15 ක් ලබා දී තිබේ. අද (06) පස්වරුවේදී කැබිනට් අමාත්‍ය ධුර 15 සඳහා නව අමාත්‍ය වරුන් පත් කිරීම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාර්තාවේ.

වැට උඩ ඉන්න රිෂාඩ් හා හකීම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා පත් කල නව අගමැති මහින්ද රාජපක්ෂට සහාය පල කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින අතර ඇතැමුන් ඊට එරෙහිව සිටිගෙන ඇත.

උතුරේ සිරකරුවන්ගේ ගැටළුව විසදනවා – ජනපති TNA මන්ත්‍රීවරුන්ට කියයි 

උතුරේ සිරකරුවන්ගේ ගැටලූව විසදීම පිළිබද යම් සහනදායී වැඩපිළිවෙළකට ළගදිම එළැඹෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ සදහා ගතයුතු තීන්දු තීරණ පිළිබද සොයා බැලීමට නීතිපතිවරයා ඇතුළු නිලධාරින් සමග සාකච්ඡාවක් ලබන සතියේ කැදවා තිබෙන බව ද සදහන් කළ ජනාධිපතිවරයා විපක්ෂනායක ආර්, සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද ඊට සහභාගී කරවා ගන්නා බව ප‍්‍රකාශ කළේ […]

මනුෂ ඉල්ලා අස්වෙයි

අමාත්‍ය මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු අමාත්‍ය ධුරය දැරුවේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ලෙසයි.

කුඩැල්ලෙක් වඩා සමනලයෙක් වෙන එක හොඳයි – මංගල කියයි

කුඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම හොඳ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතය. එම ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ ජනාධිපතිතුමනි කුඩැල්ලෙකුට වඩා සමනයෙක් විම හොඳ බවයි.

විපක්ෂයේ ප්‍රබලයෙක් ජනාධිපති මන්දිරයට

විපක්ෂ නායක ධුරය දරන දෙමල ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මේවන විට ජනාධිපති මන්දිරයට පැමිණ ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මේවන විට ජනාධිපති මන්දිරයට පැමිණ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තාවේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ට දෙන අවසාන පැය කිහිපයයි ….!

අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව සඳහා මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ට ලබා දෙන අවසාන පැය කිහිපය බව ජනාධිපතිවරයා දන්වා තිබේ. ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු දන්වා සිටියේ අද ඔවුන්ට ඇත්තෙ ගත වන පැය කිහිපය තුළදී ආණ්ඩුවට එක්වන්නේ නැති නම් වෙන විකල්පයකට යාමට තීරණය කර ඇති බවයි.

කුමන්ත‍්‍රණය පරාජය කරන්න සහාය දෙනවා – ජවිපෙ

දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන ඕනෑම යෝජනාවකට සහාය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. බව පවසයි.  එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේ පසුගිය 26 වැනි සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක් බවයි.