21 September 2024

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවට පොලිස් ආරක්ෂාව – පෙත්සම් සලකා බැලේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

රාජිතයි චම්පිකයි ලොකු පුටුවට ට්‍රයි කරනවා … රෝහිත කියයි

රනිල් වික්‍රමසිංහව අගමැති කරන මෙහෙයුමට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට රාජිත හා චම්පික දෙදෙනා උත්සහා කරන බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට කථානායකවරයා පවා එම පුටුවෙන් ඉවත්වන විට සිරිකොතට අඩිය තියන්න ලැස්තිපිට සිටින බවයි.

බිදුණු විශ්වාසය යළි තහවුරු කරන බව රනිල් කියයි

බිඳුණු විශ්වාසය යළි තහවුරු කරන්නටත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවත් ජනතාව භේද බින්න කිරීමට නොව එකමුතු කිරීමට කැපවෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික නීතිය, ශිෂ්ඨ සම්පන්න බව හා ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් පාර්ලිමේන්තුවට ඉල්ලයි …. !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අත්තනගල්ල ආසනයෙන් තරඟ කිරීමට නියමිත බව වාර්තා වේ. ඇය මේ වන විට අදාළ සියල්ල සුදානම් කර ඇති අතර මහින්ද රාජපක්ෂයට අභියෝගයක් කිරීම සඳහා මෙලෙස ඉදිරිපත් වීමට කටයුතු කරනු ඇත. චන්ද්‍රිකාගේ සම්බන්ද ආරංචි මාර්ග කියා සිටින්නේ මහින්ද අභියෝගයක් ඉල්ල කළ හැකි වන්නේ ඇයට පමණක් බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සමක් 11 ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය එස්. රන්ජජීවන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් සඳහන් කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි.

පොහොට්ටුව අතට යට වෙයි.. මෛත්‍රිගේ තුරුම්පු …!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ ආසන සංවිධායකවරුන් මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන තිබේ. පසුගිය දිනවලදී පක්ෂ සාමාජිකත්වය ගැනීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදු කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග එම ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්යින්ද පොදු ජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ගැනීමට කටයුතු කර ඇති […]

දුමින්ද ප්‍රමුඛ පිරිස ……එජාපයට !

මේ වන විට අමාත්‍ය ධුරය දරන දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂයට එක්වන බව විශ්වාසනීය ආරංචි මාර්ග කියා සිටියේය. එම ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගෙන මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කටයුතු කරන බවයි.

සුසිලුත් පොහොට්ටුවට … කබ්රාල් කොළඹින් ඡන්දෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බොහෝ දෙනෙකු මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන තිබේ. මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කැමැත්ත හිමිව තිබේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකු මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනිමට මේ වන විට කටයුතු කර ඇත.

විසුරුවා හැරියේ නැතිනම් ලොකු දෙයක් වෙන්න තිබ්බා- ජනපති

14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූවානම් විශාල ගැටුමක් ඇතිවන බවත්, ඇතැම්විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැමුන් ප්‍රකාශ කර තිබු බවත් එම ගැටුම ඔබෙත්, මගෙත් මේ ආදරණීය මාතෘ භූමියේ නගරයක්, ගමක් පාසා ඇතිවන ගැටලූ සහගත තත්ත්වය, විශේෂයෙන්ම රටේ සිවිල් ජනතාවට අතර කලබලයක්, බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී යාම හේතුවෙන් පාර්ලිමේන්තුවෙන් විසුරුවා හැරිය බව […]

මෛත්‍රි ඉවත් කරපු අය පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ගෙන තිබේ. මෙලෙස සාමාජිකත්වය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයන් වලින් ඉවත් කළ පිරිසය.