21 September 2024

ඒ. එච්.එම් ෆවුසිටත් රාජ්‍ය ඇමැති ධුරයක්

අද දිනයේදීත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් සඳහා ඒ. එච්.එම්ෆවුසි මහතා දිවුරුම් දී ඇත.  ඒ, ජාතික ඒකාබද්ධතාව, සහජිවනය හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය‍.

මිසිස් ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා මිනිපැජන්ට් අතිසාර්ථකව නිම කෙරේ

මිසිස් ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟයේ මිනිපැජන්ට් තරඟ ඊයේ ප්‍රවිණ නිලි මාලනී ෆොන්සේකා, වීනා ජයකොඩි ඇතුළු නළු නිලියන් රැසකගේ සහභාගීත්වයෙන් අහංගම හෝටෙල් කබාලන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විය.

TNA දෙකඩ වෙයි

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ආණ්ඩුවට සහාය පල කිරීමටත් ඉදිරි දින කිහිපයේදී කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ මේ වන විට මෛත්‍රිපාල සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිස් විටින් විට සාකච්ඡා කරමින් පවතින බවයි.

තවත් ඇමැති ධුර 2ක්

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් අද (02) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. අනුව එස්.බී. නාවින්න මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,

ආණ්ඩු පෙරළිය පසුපස සිටින සහෝදරයෝ …..!

අගමැති ධුරය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ හට හිමි වු පසුපස සිටින්නේ ප්‍රබලයින් දෙදෙනෙකුගේ සහෝදරයෝ බව අනාවරණ වී ඇත. මහින්ද රාජපක්ෂයේ මැතිවරණ කටයුතු කල බැසිල් රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන බව අනාවරණ වී ඇත.

සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව කරන්න – පාඨලි නිලධාරින්ට කියයි

කුමන තත්වයකදී වුවද අමාත්‍යාංශය සහ අනෙකුත් අනුබද්ධ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සියළු නිලධාරීන්ගේ උපරිම සහයෝගය මධ්‍යයේ සිදු කරගෙන යාම කළ යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

මෛත්‍රි ජන වරමට පිටුපෑවා – කිරිඇල්ල කියයි

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වු පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත්කර තිබෙන බවත් මෙම ක්‍රියාව ජනාධිපතිවරයා ඔහුට ලැබුනු ජන වරමට විරුද්ධව කටයුතු කර ඇති බව ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

රනිල් ඉවතට – අරලියගහ මන්දිරය මහින්දට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් හෙට දිනයේදී බොහෝ විට ඉවත් වන බව නිල නොවන වාර්තා සඳහන් කරයි. එජාපයේ දේශපාලන ප්‍රබලයෙකු පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් විසින් මේ වන විට අගමැති ධුරය අහිමි වන බව ස්ථිර වශයෙන්ම පිළීගෙන ඇති බවයි.

දිපවාලියට කොස්පැල ලක්ෂ 5 රෝපණය කරයි

නොවැම්බර් මස 08 දා එකම වේලාවට දීපව්‍යාප්ත ව කොස්පැල පන්ලක්ෂයක් සිටුවීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

රනිල් අඩු නොකරපු දේවල් මහින්ද අඩු කරලා

පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි ජනාධිපතිගේ සහ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත. මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප‍්‍රතිපත්ති […]