21 September 2024

විමල්ටත් ඇමැති ධුරයක්

නිවාස හා සමාජ සුභ සාධාන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතාව පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දීම් සිදු කර ඇත.

ගොවිතැනට ඉදිරියේදී සිග්‍ර සංවර්ධනයක් – ඇමැති මහින්ද

ගොවිතැන හා ගොවිකම මෙන්ම රටේ ගොවි ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රායෝගිකවම හඳුනන නායකයින් දෙදෙනෙක් අද අපේ රටේ සිටින බවත් ඒ නිසා ඉදිරි කාලය තුළ මේ රටේ කෘෂිකර්මාන්තයේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන බව කිසිදු සැකයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

උතුරු නැගෙනහිර සංවර්ධනය වැඩසටහනේ ප‍්‍රගතිය ජනපතිගේ පැසසුමට

ඉකුත් මාස 02 තුළ එය ඉතා සක්‍රිය ලෙස උතුරු, නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරුණු උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳ සිය සතුටු පල කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අක්‍රියව තිබු බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

නව ඇමැති පුටුවලට…! බන්දුලට සුසිල්ට

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි.

මහින්දට අගමැති වෙන්න තව කල් ඉවසන්න තිබ්බා – වෙල්ගම කියයි

අද වන විට රජයේ ආයතනවල කිසිදු වැඩක් නිසි ලෙස සිදු නොකෙරන්නේ නිශ්චතව අගමැති කවුරුන්ද යන ප්‍රශ්ණය මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නව කැබිනට් ඇමැතිවරු දිවුරුම් දෙයි .. චමල්ටත් ඇමැති ධුරයක්

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී අද (07) පස්වරුවේ දිවුරුම් දී තිබේ. මේ අතරම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත් කර තිබේ. 

රටම ලේ විලක් නොකර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ විසදන්න එන්න

රටේ පවතින දේශපාලන තත්ත්වය විසදන්න හැකිවන්නේ පාර්ලිමේන්තුවේ පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට ඇති වි ඇති දේශපාලන අර්බුදය විසදන්න අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව කැඳවීමනේ පසුව බවයි.

පාර්ලිමේන්තුව අද විසුරුවයි…… ?

වත්මන් දේශපාලන අර්බුද හමුවේදී ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අද මධ්‍යම රාත්‍රියේදී සිදුවන බව වාර්තා වේ. එම වාර්තා කියා සිටින්නේ ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)( ඇ ) සඳහන් වන්නේ ජනාධීපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය යන්නයි.

මමනම් ඩීල්වලට හසු වුණේ නෑ …. !- පියසේන කියයි

දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ”ඩීල්” වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.