ආනයනික භාණ්ඩ නිෂ්කාශනයට බන්දිත ගුදම් පවත්වාගෙන යන්න පෞද්ගලික අංශයටත් අවසර
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පහසු වන පරිදි බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද අවසරය දීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.