22 September 2024

පුජිතට තව අවුරුදු 2 ක් ඉන්න පුළුවන්..! අස්වෙනවා කියලා දන්නේ නෑ – නි.ඇමති නලින්

මාධ්‍ය වාර්තාවල පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ඉල්ලා අස්වන බව පැවසුවද එවැනි දෙයක් තමා නොදන්නා බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ (16) කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තීරණවල වෙනසක් නෑ … දූෂණ අක්‍රමිකතාවන්ට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ … ඇමැති අකිල

නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත් දූෂණ අක්‍රමිකතා සහ නාස්තියට තිත තබමින් වවුචර් ලබාදීම ආරම්භ කළේ, නැවත දූෂණ අක්‍රමිකතාවන්ට හිස එසවීමට ඉඩ ලබාදීමට නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple නමින් විදේශ වෙළදපලට

දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාව වන අතර අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසිSri Lanka Pineapple වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

ඇමැති රාජිතගෙන් මාධ්‍යයට ප්‍රබල චෝදනාවක්

ඇතැම් සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍ය ගණිකා වෘත්තීයේ යොදවන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්බලන්ගොඩ දී පසුගියදා පැවැති සුවපති ගාලු අභිෂේකය උත්සවයට එක් වෙමින්. 

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ විශාරද අමරා රණතුංග මහත්මිය ඊයේ (15 ) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. ඇය ප්‍රවීන ගායක සහ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳයි.

ඡන්දෙට එජාපය සුදානම් වෙයි ….. ආසන සංවිධායකවරුන් පත් කරන්නට

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලබන 23 වනදා පත් කරන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉතා සාර්ථක අන්දමින් මුහුණ දීමට මෙම පත් කිරීම් සිදු කරනු ඇති බව එම පක්ෂය කියා සිටියේය.

මහින්දට කරපු දේවල් මතක නෑ – ඇමැතිනි තලතා කියයි

නීතිපතිතුමා ගෙන්නලා නඩු පවරන්න උපදෙස් දෙනවා කියලා අපිට චෝදනා කරන අතර, හිටපු ජනාධිපතිට මතක නැහැ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට නීතිපති දෙපාර්තමේන්තුව එයා යටතේ තියාගෙන හිටිය බව යැයි අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ජනතා අධිරාජ්‍ය බිහි කළ යුතුයි – ඇමැති රාජිත කියයි

දේශපාලනඥයින්ගේ අධිරාජ්‍ය කඩා දමා ජනතා අධිරාජ්‍ය බිහි කල යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  අලුත්ගම බස් නැවතුම්පොල සංවර්ධනය කිරීමේ දෙවන අදියර ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) […]

තවත් අලුත් ඇමැති පුටු ටිකක් … ළඟදීම….!

හිටපු ඇමැතිවරු දෙදෙනෙකුට ඉදිරි දින කිහිපය තුළදී ඇමැති ධුර හිමිවන බව රජයේ ආරංචි මාර්ග පවසයි. එසේම මේ වන විට ඇමැති ධුරයක් දරන ඇමැතිවරයෙකුට වෙනත් විෂයෙහි කොටසත් ඇතුළත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14)පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.