22 September 2024

දැන් ගහන්නේ හයියෙන් – අගමැති රනිල් කියයි 

ඇඟට දැනෙන සංවර්ධනයේ වෙනස අද ගමට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකි වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්. 

සංස්ථා පනත වෙනස් කරනවා – ඇමැති අර්ජුන කියයි 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩු වලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථාවේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

 කාබනික පොහොරවල ප්‍රමිතිය සොයා බැලේ 

නාගරික කැලිකසලවලින් නිපදවන කාබනික පොහොර වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා වහාම විමර්ශනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  නාගරික කසලවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක  පවතින බවට ඇතැම් පාර්ශව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කර තිබේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගලින් ආරම්භ වෙයි 

  ව්‍යවසායකත්ව හැකියාව සහ හැගීම් ජනතාව තුළ ඇති කරලීමේ අරමුණෙන් යුතුව රජය මගින් දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ  නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින ආරම්භ විය. 

නඩුවලදී විනිසුරුවන් මාරු වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ – ගෝඨාභය කියයි

අධිකරණයේ විභාගවන තමාගේ නඩු වලදී විනිසුරුවන් මාරු වන හේතුව තමා නොදන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(29) පෙරවරුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

ළිං ප්‍රතිස්කරණයට මිලියන 200 ක් – ඇමැති දුමින්ද කියයි 

පවතින දැඩි නියඟය හේතුවෙන් විනාශ වන  වගාවන් බේරා ගැනීමට හා ජනතාවගෙග් පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ලිං හා පානීය ජලය සපයා ගන්නා ලිං  ප්‍රථිසංස්කරණය  හා  අලුතින් ඉදි කිරීමට රුපියල් මිලියන 200 ක් රජය වෙන් කර ඇතැයි වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

ආරාධනා නැති නිසා – ටී.බී කලකිරෙයි ! 

වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය සඳහා තමාට ආරාධනාවක් නොලැබුණ බව හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි. 

ජනාධිපති –  බිම්ස්ටෙක් සමුළුවට හෙට සහභාගි වෙයි 

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද හෙට (30) දින සහභාගී වීමට නියමිතයි. 

කරුණානිධිගේ පුත්‍රයා DMK නායකයා ලෙස පත් කෙරේ 

  තමිල්නාඩු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂයේ නව නායකයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය  එම්. කරුණානිධිගේ පුත්‍ර, එම්. කේ  ස්ටාලීන් පත්කෙරේ.  විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පසුගිය ඉරිදා පක්‍ෂෙය් නව නායකත්වය සඳහා  එම්. කේ  ස්ටාලීන් ව යෝජනා කර තිබුණු බවයි. 

ලබන අවුරුද්දේ ඕනම ඡන්දයකට අපි සුදානම් – එජාපය 

ලබන වසරේ පැවැත්වෙන  ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඉදිරියේදී අගමැති කමිටුව හරහා සම්මත වන  මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්  සියලූදෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතු බව  ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.