22 September 2024

ඇත්ත නැත්ත රටට හෙළි කරන්න – ඇමැති රිෂාඩ් ආණ්ඩුවෙන් ඉල්ලයි

යුධ සමයේදී එල්ටීටීඊ සාමාජිකයන් සතුව තිබී පසුව අතුරුදහන්වූ බව කියන අවි ආයුධ වලින් කොටසක් රජයේ කැබිනට් අමාත්‍යවරයකු වන තමා සතුව ඇති බව පවසමින් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් යැයි කියන පිරිසක් විසින් මාධ්‍යයට කල පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍යතාවය රටට හෙලි කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා […]

පොෟද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින්

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

සංදර්ශනය නැති අපි වැඩ කරන ආණ්ඩුවක් – අගමැති

ගෙවුණු වසර තුන තුළ මහින්ද රාජපක්ෂ පාලන සමයේ පව් ගෙවා දමා, රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ජනතාව වෙනුවෙන් පින් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා 18 වනදා දෙනියාය ඌරුබොක්ක, මහජන ක්‍රීඩාංගනයේදී පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්.

29 මොණරාගලට එන්න – ඇමැති මංගල කියයි

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන ආකාරය පෙන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන 29 දා සිට 31 වැනිදා දක්වා මොණරාගල දී පවත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ගොවිසෙත සුපිරි වරම වෙළදපොලට

2018 වසරේ මේ වනවිට වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහිකළ ගොවිසෙත ලොතරැයිය, “ගොවිසෙත සුපිරිවරම” නමින් විශේෂිත ලොතරැයියක් පසුගියදා නිකුත් කරනු ලැබුණි. එය පසුගිය 09 වනදා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යාධිකාරිතුමිය ඇතුලු ඉහල කළමණාකාරිත්වයේ සහභාගිත්වයෙන් නිකුත් කරනු ලැබුවා.

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නෑ – ඇමැති මහින්ද

ඒකාබද්ධ විපක්ෂය උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තුළින් රජයට කිසිදු බලපෑමක් එල්ල කළ නොහැකි අතර එවැනි උද්ඝෝෂණවලින් සිදු වන්නේ ජනතාව අසීරුතාවයට පත්කිරීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමති කිරිඇල්ල ඉන්දිය ඇමැතිනි සුෂ්මා හමුවෙයි

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ්ව හමුව ඇත.   ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය නියෝනය කරමින් සහභාගී වූ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා […]

ප‍්‍රථම Waterdrop Screen සහිත OPPO F9 වෙළෙඳ පොළට

ප‍්‍රථම Waterdrop Screen සහිත දුරකථනය ලෙස OPPO F9 ළඟදීම වෙළඳපොළට හඳුන්වා දීමට OPPO මේ වනවිට සැලසුම් කර ඇත. මෙම නිමාව තුළදී ඉදිරිපස රිසීවර්, කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත් හුරුබුහුටි ලෙස ස්ථානගත කර ඇති අතර එය තිරය උපරිමයෙන් භාවිතා කරන අතරම දුරකථනයට අලංකාරයක් ලබාදෙන සුවිශේෂී නිමාවකි.

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල කාන්තා සහ පිරිමි ඉසව්වේ දෙවන වටය සඳහා අනීකා සෙනෙවිරත්න සහ තිවංක ශමාල් අද (20) දින තරඟ වදිනවා. අනීකා සෙනෙවිරත්න ඊයේ පැවති කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ මූලික වටය ජයගනු ලැබුවේ මොංගෝලියානු ක්‍රීඩිකාව 2ට බිංදුවක් ලෙස පරාජයට පත් කරමින්.

19 න් රිංගන්න මහින්දට බෑ – ඇමැති දුමින්ද කියයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රිංගලා යන්න මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) අනුරාධපුරදී පැවති උත්සවයකින් අනතුරු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්