22 September 2024

ඡන්දේ ගන්න විතරක් කතා කරලා පළක් නෑ -අගමැති

සිංහලකම හෝ බෞද්ධකම ගැන කතා කරමින් දේශපාලනයට ඡන්දය ගැනීමට පමණක් කටයුතු කිරීමෙන් පළක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතියවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීම සහ ලෝවාමහාපාසාදය ප්‍රතිසංස්කරණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (14) එක්වෙමින්.

ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරන පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහකයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විවාදයන්හීදී අවශ්‍යවන පර්යේෂණාත්මක තොරතුරු ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණ.

වැව් තුළ තාවකාලික වගා ලිං හැරීම ලබන සතියේ – ඇමැති දුමින්ද

පවතින වියළි කාළගුණයත් සමඟ අනුරාධපුරයේ වැව් සිදී ගොස් ගොයම විනාශ වීමේ අවධානමක් පවතින ප්‍රදේශයන්හී වගා කටයුතු සඳහා ජලය සැපයීමේ අරමුණින් වැව් තුළ තාවකාලික වගා ලිං හැරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

දේශපාලකයෝ නිසා ගොවි ජනතාව අසරණ වෙලා – ඇමැති පාලිත

ඇතැම් ජනතා නියෝජිතයින් ආඳාගේ පිටට සමාන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ස්ථිර ප‍්‍රතිපත්තියක සිට කටයුතු නොකිරීමෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රිරයාවට නැගීමට ඇති අවස්ථාව අහිමිවී ඇති බවයි.

විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පන්දුවාර 20 තරඟය කඩුලු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා. කාසිය වාසිය හිමිකර ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු සියලු කඩුලු පන්දුවාර 16යි පන්දු 04ක් තුල ලකුණු 98කට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් බිඳ දැමුවා.

තමිල්නාඩුවට වසර ගණනාවක පසු කාවේරි ගගේ ජලය ලැබෙයි

කේරල, කර්නාටක මෙන්ම තමිල්නාඩුවේ ජනතාව වසර ගණනාවකට පසු කාවේරි ගඟ ගලනවා දැක ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය දිනවල ඇති වු දැඩි වර්ෂාව හේතුවෙන් කාවේරි ගඟ මේ වන විට පිටාර ගැලීම් සිදු වු ඇති අතර මෙය තමිල්නාඩු ජනතාවගේ දැඩි ආකාර්ශය ලක් වු අවස්ථාව මෙය වේ.

නව වැටුප් කොමිසමක් පත් කරන්න කැබිනට් අනුමැතිය

සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුලු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත්කරනු ලැබේ.

මැච් එක බලන්න 32,000 ක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, අද (14) රාත්‍රි 07 ට කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. ඒ සඳහා මේ වන විට ප්‍රවේශ පත්‍ර 32,000 ක් විකිණි ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ කල්ලියට – කතානායකගේ තීන්දුවට අභියෝග කරන්න බෑ !…… සභානායක

එ්කාබද්ධ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබාගැනීම පිලිබඳ නොයෙකුත් ප‍්‍රකාශයන් සිදුකරමින් සිටින අතර ඔවුන් කථානායකවරයාගේ ප්‍රකාශය අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආහාර පර්යේෂණාගාරය අපේ ඉලක්කය – ඇමැති රිෂාඩ්

කුඩා හා මධ්‍යම පරිමාණ ආහාර නිෂ්පාදකයින් හා සැකසුම්කරුවන්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහාත්, වඩාත් ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ ආහාර සැකසුම්කරණය දිරිමත් කිරීම සඳහාත්, ආහාර පර්යේෂණාගාරයක් (Food Laboratory) ආරම්භ කිරීම අපගේ මීළඟ ඉළක්කය වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.