21 September 2024

අද ඉදන් 16 ක් නෑ

මාධ්‍ය තුළින් 16 කණ්ඩායම සම්බන්ධයෙන් ප්‍රශ්ණ නොඅසන ලෙසත් එය විපක්ෂයේ 70 කණ්ඩායමක් ලෙස එක්ව ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

බැසිල්ට විරුද්ධ නෑ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

වන්නියේ පන්සල් රැක බලා ගන්නවා

වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන 20 ක් තිබෙන බවත්, එකී විහාරස්ථාන රැක බලාගැනීම ප්‍රදේශයේ මහජන නියෝජිතයා වශයෙන් තමාගේ වගකීමක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

බිත්තර මිලෙත් මාෆියාවක්

මේ වන විට වෙළදපොලේ බිත්තර මිල සීග්‍රයෙන් වැඩි වී ඇති අතර එහි පිටුපස විශාල මාෆියාවක් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මහ දවාලේ දුෂණය වුණා – ඥානසාර හිමියන්

තමන්ට එරෙහිව පැවැති නඩුවේදී ලබා දුන් නඩු තීන්දුව සමඟ අධිකරණය හැල්ලුවට පත් වුවා පමණක් නොව නීතියේ දෙවගන දුෂණයට ලක් වු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

සිංගප්පූරු ගිවිසුමට විවාදය 18 ?

ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දි‍නෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

16 කොටු කර ගැනීමේ සැලසුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පාර්ශවය නියෝජනයෙන් ඉවත් වු 16 දෙනාව යම් යම් සිද්ධින්වලට කොටු කර ගැනීමේ සැලසුමක් ඇති බව ආරක්ෂක අංශය පවසයි.

ජනාධිපතිවරණයට මාස 2 ක් ඇති

ඉදිරි ජනාධිපතිවරණයට තමාට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු දැනුම් දීමක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාතාලය මර්ධනයට නීතිය තද වෙන්න ඕන

ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.