24 September 2024

කැබිනට් මණ්ඩලය තුල ප්‍රශ්ණයක් නෑ – ඇමැති රවි කියයි

“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක විය යුතු නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

තවලම රුපියල් ලක්ෂ 1,148ක ව්‍යාපෘතිය  21 වනදා ජනතා අයිතියට

ග්‍රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 21 වන සිකුරාදා සිදු කිරීමට නියමිතය.

අසනීප නිසා ගෝඨාගේ නඩුව කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට දුන් කාලය ලබන මස 24 දක්වා දීර්ඝ කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (19) නියෝග කර තිබේ.

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් වු කබීර් හෂිම් සහ එම්.එච්.ඒ.හලීම් යන අය නැවත අමාත්‍ය ධුර සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

ගිලෙන නැවෙන් පනින රාජිතගේ නාඩගම

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් චීනයෙන් සිගරට් ආනයනය කලහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසීම බොරු රඟපෑමක් බව වාර්තා වේ.

රටක් වැරිදි මඟට යොමු නොවන කරුණු ගැන ජනපති කියයි

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය […]

පරිපූරක ඇස්තමේන්තුව අස්කර ගන්නවා – සභානායක කිරිඇල්ල

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් මිලියන 57,546 කින් යුත් පරිපූරක ඇස්තමේන්තුව දෝෂ සහිත බැවින් එය ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට (19) ජපානයේදී අත්සන් තැබීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කන්ස්ට්‍රක්ට් 2019 නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකීය ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නිම්වළලු පුළුල් කරමින් පුරා 19 වන වසරට සනිටුහන් කරමින් එලිදැක්වෙන කන්සට්‍රක්ට් 2019 ප්‍රදර්ශනය කොළඹ BMICH ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශව ශාලාවේ ලබන අගෝස්තු මස 23 සිට 25 වනදා සාර්ථක ලෙස පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ

සංචාරක වීසා යොදාගනිමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කරන්නියන් වශයෙන් රැකියා සදහා කාන්තාවන් සිව් දෙනෙකු යැවීමට තැත්කළ උප ඒජන්තවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය 11 වනදා දින අත්අඩංගුවට ගෙන තිබේ.