24 September 2024

අවුරුදු හතරක්ම කළේ රාජපක්ෂ හමට තඩිබෑ එකයි – කෙහෙලිය කියයි

ආණ්ඩුව අවුරුදු හතර හමාරක් රාජපක්ෂ මුව හමට තඩිබාමින් විපක්ෂයේ පිරිස හිරේ දැම්ම කෙරෙහි අවධානය යොමු කළා මිසක් රටේ ආරක්ෂාව සමාජ සවිබලගැන්වීම වැනි අත්‍යවශ්‍ය සියලු දේවල් පිළිබඳ අවධානය යොමු නොකල බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකාව සියළු අන්තවාදයන් පිටු දැක සමඟීයෙන් නැගිසිටිනවා – කථානායක

ශ්‍රී ලංකාව සියළු අන්තවාදයන් පිටුදැක සමඟියෙන් නැගීසිටින බව කථනායක කරු ජයසුරිය මහතා ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු ඉදිරියේදී පැවසයි.

තේරීම් කාරක සභාව අදත් මාධ්‍යට විවෘතයි

අප්‍රේල් 21 වනදා සිදු වු ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (13) දින පස්වරු 3.30 යළි රැස්වෙයි.

කැබිනට් රැස්වීම ලබන 18

මීලඟ කැබිනට් මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්වෙන බව අමාත්‍ය ජොන් අමරතුංග මහතා පවසයි. TTvnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ලබන 18 වනදා කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි.

ජාතික බුද්ධි අංශ ප්‍රධානියෙකු පත් කෙරේ

ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග පත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත අතපත්තු මහතා මහතා පවසයි. අදාළ පත්වීම අද දිනයේදී ලබා දී ඇති බව වාර්තා වේ.

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව වැඩි කරයි

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩි කිරීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් ලැබෙන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

අලූත්ම Viber ක‍්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් උණුසුම තවත් ඉහළට

ශ‍්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයක් වන හෙයින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප‍්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක‍්‍රිකට් බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ.

පොසොන් සතිය ඇරඹේ (ජුනි 12 සිට 18)

ජූනි මස 16 වන දිනට යෙදෙනෙ පොසොන් පෝය දිනය යෙදී ඇත. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

වේගය පාලනය කර ගත නොහැකි යතුරුපැදිකරු මරුට

අරලගංවිල ප්‍රදේශයේදී ඊයේ (11) දහවල් සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 26 ක තරුණයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මිය ගිය යතුරුපැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා – බංගලාදේශ ක්‍රිකට් තරඟය වර්ෂාව නිසා ප්‍රසාද ලකුණු හිමිවෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (11) එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අත්හැර දැමීමට තරඟ විණිසුරුවන් තීරණය කර ඇත. ඒ අද දින පුරාම ක්‍රිඩාංගනයට ඇඳ හැලුණු වර්ෂාව නිසාවෙනි.