24 September 2024

ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – විපක්ෂනායක කියයි

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (15) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිස්බුල්ලා TIDයෙන් පිටව යයි ( Update)

ප්‍රකාශයක් ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවූ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පස්වරු 5.45ට පමණ එම ඒකකයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ලග්න වාසනාව සුපිරි ජයග්‍රාහකයාට සහ දසලක්ෂයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි

නිරන්තරයෙන් ජනතාවට ජය උදා කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ඊයේ ( 13) දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතුවයි – සභාපති කෝදාගොඩ කියයි

මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතු වී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ අද (14)මහවැලි කේන්ද්‍රෙය්දි ‘‘මහමග අනතුරු අවම දේශයක්” යටතේ පැවැති වැඩ සටහනට එක්වෙමින්.

හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය අයට ගෙවන වන්දි ඉහළට

වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශ්වයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදාන කෙරෙන සියයට එකක මුදල මේ වන විට සියයට දෙක දක්වා වැඩිකර ඇති බැවින් ඉදිරියේදි හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය හා ආබාධිත වුවන් සදහා ලබාදෙන වන්දි මුදලද වැඩි කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මැතිවරණයක් ද…….? ජනමත විචාරණයක් ද ….!

2015 වසරේ පත් වු යහපාලනය රජය මේ වන විට එහි ඇති වු වෙනස්කම් අතර ඇමැතිවරු පත් කිරීම්, ඉවත් කිරිම්, මැතිවරණ කල් දැමිම, පනත් සකස් කිරීම වැනි විවිධිකාරයේ වෙනස්කම් රැසකට මුහුණ දෙමිනි.

නිදහස් හා සාමකාමී පත් කිරීමට දරන උත්සහාය අගය කරන බව සිංගප්පුරු ස්වදේශ ඇමැති කියයි

ඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් (Hon.K.Shanmugam)මහතා පවසයි.

ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ මිල්හාන් ඇතුළු 5 අත්අඩංගුවට

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඩුබාහිදී CIDය අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු 5ක් අද අළුයම දිවයිනට රැගෙන විත් ඇති බව පොලිසිය පවසයි.  පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබේ.

සේවාව නිසා කොමිසන් වලට යන්න වෙලා – ඇමැති රාජිත කියයි

ඉතා මිල අධික පිළිකා ඖෂධ අඩු මිලට ලබාගැනීමේ තීරණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට කොමිසන් සභා හමුවේ සාක්ෂි දීමට සිදුව ඇති බවත්, එම තීරණයට විරෝධය පළ කර ඇතැම් වෛද්‍යවරුන් සහ ඖෂධ සමාගම් පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ අහිංසක දුප්පත් රෝගීන් දෙස අවධානය යොමු නොකරමින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා […]

රාජ්‍ය සේවය අවංකවම කරන්න – ඇමැති තලතාගෙන් උපදෙස්

රාජ්‍ය සේවය කියලා කියන්නේ අවංකවම කරන්න ඕන සේවයක් බවත් එය ඇමතිගේවත් ජනාධිපතිගේවත් අගමැතිගේවත් සේවයක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.