21 September 2024

බහුතරයක් අවශ්‍ය නෑ – ජනපතිගෙන් කථානායකවරයාට ලිපියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී හා එය පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගෙන ඇති ආකාරය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව සිදු වි නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩු කචල් මැද නිල ඇඳුම්, පෙළ පොත් බෙදා හැරීමත් නතර වෙයි

සියළු පාසල් සඳහා පෙළ පොත් මෙන්ම පාසල් නිල ඇඳුම් දෙසැම්බර් වාර අවසාන නිවාඩුවට පෙර නොමිලේ ලබා දීම නිදහස් අධ්‍යාපනය මෙරටට හිමි වු පසු මේ වන විටත් අඛණ්ඩව සිදු වු නමුත් මේ වන විට රටේ ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරතාවයත් සමඟ එය මේ වන විට නතර වී ඇති බව එජාප මහලේකම්, අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහින්ද අසරණයි …ලැඡ්ඡාවක් තියෙනවානම් මෛත්‍රි ඉල්ලා අස්වෙන්න ….!

නව ආණ්ඩුවට බහුතරයක් නොමැති බව අද පැහැදිලිව පෙනෙන්නට තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වසන්ත අතහරි… මනුෂ ඇතුළු තිදෙනෙක් විපක්ෂයට – පාර්ලිමේන්තුව හෙටයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කිරීමත් සමඟ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්විය. පාර්ලිමේන්තුවේ ඇති වු කලබලකාරිත් තත්ත්වය මත හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට කථානායකවරයා තීන්දු කළේය.

ජනපති ඒකාධිපති වියරුවෙන් ඉන්න මානසික රෝගීයෙක් – මංගල කියයි

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා තමන් විසින් දියත් කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිවරයා තුන්වන වතාවටත් මේ රටේ ජනතාව අමතමින් තමන් තවදුරටත් සත්‍යයට ගරු නොකරන, බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් පවා කියන්නට පුළුවන් ඒකාධිපති වියරුවෙන් පෙළෙන මානසික රෝගියකුගේ තත්ත්වයට ඇද වැටී ඇති බව මංගල සමරවීර මහතා පවසයි.

කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ – විමල් කියයි

කථානායකවරයාට හෙට දින පාර්ලිමේන්තුව කැඳවීමට බලයක් නොමැති බවත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව කථානායකවරයාට හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ පවසයි.

පාර්ලිමේන්තුවට හෙට එන ලෙස සියළු මන්ත්‍රීවරුන්ට දන්වයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් මස 04 දිනැති අංක 2095/50 දරණ ගැසට් නිවේදනයට අනුව හෙට (14) දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන බව කථානායකවරයා නිවේදනය කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තාවකාලිකව අත්හිටුවයි

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තාවකාලිව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. දෙසැම්බර් 07 වනදා තෙක් මෙම අත්හිටුවීම සිදු කර ඇති අතර එදිනෙන් පසුව සියළු පෙත්සම් විභාග කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5 ට (Update)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් සලකා බැලීම අවසන් කර තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අද පස්වරු 05 ට නිකුත් කිරීමට නියමිතයි.

උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගැන හෙළිවෙයි

උතුරු කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කර සිටින්නේ ජංගම සහ සඟවා ඇති මධ්‍යස්ථාන 13 ක් පමණ පැවතිය හැකි බව ඇමරිකා නීරික්ෂකයන් පවසයි.