21 September 2024

රනිල්ට අගමැති කම දෙන්න බෑ කියලා මෛත්‍රි කියන්න ඕන..! අජිත් කියයි

රනිල් වික්‍රමසිංහ මහතා කුමන් වරදක් කළාට ද අගමැති ධුරය ලබා නොදෙන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. ඒ මහතා අද (17) දින මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඇතිව ජනාධිපතිවරයා හමුවන බවයි.

බල අරගලයට රට ගිලගැනීමට ඉඩ නොදෙමු – මාර්තු 12 ව්‍යාපාරය

ජාතන්ත‍්‍රවාදය, මහජන නියෝජිතයාගේ ගෞරවය හා ජනතා අභිලාෂයන් කෙලසන මහජන නියෝජිතයන් වීරයන් බවට පත් නොකර, පක්ෂ පාට භේදයෙන් තොරව ප‍්‍රතික්ෂේප කිරීම සවිඥානික පුරවැසියන්ගේ වගකීමක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

ජනපති කිව්ව දේ කථානායක කරලා නෑ – ලක්ෂමන් යාපා කියයි

ජනාධිපතිවරයා පැවසු ආකාරයට ස්ථාවර නියෝග 1 ඉවත් කර විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස ජනාධිපතිවරයා හමුව කථානායකවරයා වෙත පැවසුව ද එය නියමාකාරයෙන් සිදු නොවු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ලක්ෂමන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

ජනතාව පාරට බස්සනවා – සමන් රත්නප්‍රිය කියයි

රටේ පවතින දේශපාලන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාධාරණය විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළදී ජනතාව පාරට ගෙන්වන බව සමන් රත්නප්‍රිය මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය විසින් කළ වීමසීමකදී ඒ මහතා කිා සිටියේ අද (16) පෙරවරුවේදී මල්වතු මහානාහිමිවරුන් හමු වු බවත් එහිදී මේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ බවයි.

113 නැතිනම් අපි විපක්ෂයට යා යුතුයි – කුමාර වෙල්ගම කියයි

පාර්ලිමේන්තුවේ ඇති වු ගැටුම ඉතා ඛේදනීය බවත් මෙම ගැටුම මුළු ලෝකයාව බලා සිටි බවත් ලංකාවට සිදුවන්නේ කුමක්දැයි කියා සිතා ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එජාප නව නායකයාව තෝරන්නේ ජනපතියි….. ?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනස් ඇති කළ යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එම ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහගෙන් එජාපයේ නායකත්වය වෙනස් කරන මෙන් ද අගමැතිවරයා වශයෙන් රනිල්ව ඉවත් කළ යුතු බව ජනපතිවරයා පවසා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කථානායකට අගමැති මහින්දව පිළිගන්න වේයිද..?

අද පස්වරු 1 ආරම්භ වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම කථානායකවරයා හට අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂව පිළිගැනීමට සිදුවන බව වාර්තා වේ. ඒ පාර්ලිමේන්තුවේ ස්ථාරව නියෝග අනුව ජනාධිපතිවරයා විසින් යම් පත් වීම් සිදු කර ඇත්නම් එම තීන්දු පාර්ලිමේන්තුවට දැනුම් දීම අනුවයි.

බහුතර පෙන්වන්න .. ව්‍යවස්ථානුකුලව වැඩ කරන්නම් – ජනපති

පාර්ලිමේන්තුවේ බහුතර ඇති පක්ෂ නාක කණ්ඩායම පිළිගන්නා බවත් තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීය.

අපි ළඟත් තුරුම්පු තියෙනවා … ජනාධිපතිවරණයක් තියන්න – රවුෆ් හකීම් කියයි

ගොඩ පෙරකදෝරුවන්ගෙන් අහලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනාධිපතිවරයා දැන් දඟලන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි. අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ රැළිය අමතමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්න ලෙසයි.