21 September 2024

මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 තරගයේ Best Personality සහ best congeniality සාර්ථකව නිමා වෙයි

පී.ඩී. එන්ටර්ටේන්මන්ට් විසින් ඉදිරිපත් කරන ලබන මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 නිරූපන තරගයේ Best Personality සහ best congeniality තරඟ පසුගිය 16 වැනිදා වැල්ලවත්තේ හොටෙල් සෆායර් පර්ශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත් විණි.

එජාපෙ පක්ෂ නායකයින් අද රැස්වෙයි

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද(20) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්දයෙන් හා ඉදිරියේදී ගත යුතු පියවරවල් පිළිබඳ සාකච්ඡාවක් මෙහිදී පැවැත්වෙන බව වාර්තා වේ.

වෙස්සන්තර වෙලා ආපු මෛත්‍රි දැන් ව්‍යවස්ථාව හිල් කරනවා

ජනාධිපති ධුරයේ බලතල අඩු කරන්න වෙස්සන්තර ලෙසින් ආපු මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා අද කරමින් තිබෙන්නේ ව්‍යවස්ථාව හිල් කරමින් බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීමක් බව ආර්ථික විශ්ලේෂක, මානව සම්පත් කළමනාකාර තුෂාර හෙට්ටිතන්ත‍්‍රීගේ මහතා පවසයි.

පාර්ලිමේන්තුව රැස් වී සභාව සිකුරාදා තෙක් කල් තැබේ

පාර්ලිමේන්තුවේ රැස්වීම් අද (19) පස්වරු 1 ට ආරම්භ විය. කථානායකවරයා පාර්ලිමේන්තුවට සහභාගී නොවු අතර නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පාර්ලිමේන්තුව අවට ජනතාව ගෙන්වන්න එපා – ජනපති

පාර්ලිමේන්තුව තුළ ඇති මේ දේශපාලනික ගැටළුව සම්බන්දව ජනතාව එහි අවට ගෙන්වීම කළ යුතු නැති බවත් පාර්ලිමේන්තුව තුළ සාමකාමීව ගැටළුව විසදා ගන්නා ලෙස සියළු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනපති ඉදිරියේ රනිල් ගොළු වෙයි …!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කැඳ වු සර්ව පාක්ෂික රැස්වීමේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිහඩ සිටි බව වාර්තා වේ. ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අතර කිසිදු වචනයක් හුවමාරු වීමක් සිදු නොවු බව අප වෙත දැන ගන්නට ලැබිණි.

ජනපති කැඳ වු සාර්ව පාක්ෂික සමුළුවට කථානායක , ජවිපෙ සහභාගී නොවන බව දන්වයි

මේ වන විට ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් අද (18) පස්වරු 5 කැඳවා තිබේ. කෙසේ වෙතත් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණත්, කථානායක කරු ජයසූරිය මහතාත් එයට එක්නොවන බව දන්වා තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මැරුණොත් වගකීම කථානායක බාරගත යුතුයි – ඇමැති මහින්ද

වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්නට වුනත් පුළුවන් කථානායකවරයා තමයි මේ තත්ත්වය නිර්මාණය කළේ , එහෙම වුනොත් එවැනි ක්‍රියාවල වගකීම අනිවාර්යයෙන්ම කථානායකවරයා බාරගත යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

බහුතරය ගැන මෛත්‍රිට ෂුවර්ලු..!

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය හිමි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇති බව වාර්තා වේ. රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කර සිටියේ මේ වන විට ජනාධිපතිවරයා වෙත බහුතරයක් ඇති බවත් මන්ත්‍රීවරුන් තමා කතා කරනවා ඕනෑම අවස්ථාවකදී සහාය දැක්විමට පැමිණෙන බව ජනපතිවරයා පවසා ඇති බව දැන ගන්න ඇත.

රනිල් මෛත්‍රිට යටත් නොවෙයි…! එජාප නායකත්වය වෙනස් නොකරයි..!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ භාරයේ තබා ගැනීමට අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේ මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එජාප නායකත්වය භාර ගැනීමට කිසිවෙකු සුදානම් නොමැති බවයි.